“ඇතැම් රාජ්‍ය නායකයන්ගේ වැඩ කොවිඩ්-19 ගැන අවධානය යටපත් කළා”

ලෝක සෞඛ්‍ය සංවිධාන ලොක්කා කියයි

බොහෝ රටවල රජයයන් මේ වනවිට කොවිඩ් 19 වළක්වා ගැනීම සම්බන්ධයෙන් වැරදි දිශාවකට ගමන් කරමින් සිටින බවත් ඒවායේ නායකයන් විසින් දෙනු ලබන මිශ්‍ර පනිවිඩ හරහා ඒ ඒ රටවල කොවිඩ් 19 වසංගතයෙන් බේරීම සම්බන්ධයෙන් ඇති අවධානය යටපත් වෙමින් පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩමන් ගේබ්‍රියේසස් පවසයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් තවදුරටත් ඔහු අවධාරණය කරමින් පැවසූයේ මේ තරම් ඉක්මනින් පැරණි සාමාන්‍ය තත්ත්වයට පත්ව ක්‍රියා කිරිමට කිසිදු රටකට කිසිසේත් නොහැකි බවය.

එබැවින් ක්‍රම ක්‍රමයෙන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද හරහා මෙම වෛරසය පැතිරීම වළක්වා ගැනීමට අපට සිදුවන බව ඔහු දැඩි සේ අවධාරණය කළේය.


ලෝක සෞඛ්‍ය සංවිධන අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් මෙම මාධ්‍ය හමුවේදී මෙසේද පැවසීය.

“අපි තවමත් මෙම කොවිඩ් 19 සතුරා සමඟ සටන් කරමින් සිටින්නට සිදුව තිබෙනවා. පසුගිය 12 වැනිදා ලෝකයේ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම වෛරස ආසාදිතයන් වාර්තා වීමෙන්ම ඒ බව තහවුරු වෙනවා. අපට මෙම වෛරසය සමඟ ගනුදෙනු කරන ආකාරය අනුව ලෝකයේ රටවල් වර්ග හතරකට බෙදන්න පුළුවන්.

එයින් පළමු කණ්ඩායම දැනුවත් කිරීම් ආරක්ෂිත ක්‍රමවේද සහ ශක්තිමක් දේශපාලන නායකත්වය හරහා රෝගය දැඩි වසංගතයක් බවටත් පත් කර නොගෙන පාලනය කර රටවල්. එවැනි රටවල් ගණනාවක් තිබෙනවා. ඔවුන් රෝගීන් හදුනා ගැනීම, අවදානම් සහගත අය හුදකලා කිරීම නිරෝධායනය සහ ප්‍රජාව අතර යටහපත් සෞඛ්‍ය ක්‍රමවේද ස්ථාපිත කිරීම හරහා තත්ත්වය පාලනය කළා.

දෙවැනි කන්ඩායම මෙම වසංගතයෙන් දැඩි වසංගත තත්ත්වයක් දක්වා ම ගොස් බැට කා තවදුරටත් රෝගය ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා සියලු ක්‍රමවේද නීති රීති අනුගමනය කරමින් මෙම වසංගත තත්ත්වය පාලනය කළ රටවල්. යුරෝපයේ බොහෝ රටවල් අයිති වන්නේ මේ කාණ්ඩායමට.

තුන්වැනි කණ්ඩායම වසංගත තත්ත්වයක් දක්වා ගොස් අනුගමනය කළ ශක්තිමත් ක්‍රමවේද සහ නායකත්වයන් හරහා එය පාලන යකොට යළිත් රෝගය ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් අවධානය අඩු කිරීම සහ නීති රීති ලිහිල් කිරීම නිසා යළිත් රෝගීන් උත්සන්න වූ රටවල්. මෙම රටවල යළිත් වසංගත තත්ත්වයක් හිස ඔසවන ලකුණු පෙනෙන්ට තිබෙනවා.

හතරවැනි කණ්ඩයම තවමත් රෝගය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දෙනු ලබන උපදෙස් සහ ක්‍රමවේද අනුගමනය නොකරන රටවල්. ඇමෙරිකානු කලාපයේ රටවල් මේ තත්ත්වය තුළ ඉන්නවා. තවමත් වසංගතයේ අපිකෙන්ද්‍රය තිබෙන්නේ ඇමෙරිකාවේ. සමස්ත රෝගීන්ගෙන් සියයට 50ක් සිටින්නේ ඇමෙරිකාවේ.”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බොහෝ රටවල් තම කැපවීම් හරහා විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවත් මේ වනවිට වසංගතය කර ඇති බවත් ඉදිරියටත් එම තත්ත්වය පවත්වාගෙන මෙම සතුරා පරාජය කිරීමට නම් සමාජ දුරස්ථභාවය තබා ගැනීම, නිසි ලෙස මුඛ ආවරණ පැළඳීම සහ දෑත් පිරිසිදුව තබා ගැනීම යන තුන් වැදෑරුම් සරල පිළිවෙත් ඉතා තදින් අනුගමනය කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

Exit mobile version