ඇඟලුම් කම්හලේ විධායක නිලධාරියකු අතින් තරුණියක දූෂණයට ලක්වෙයි

දිනසේන රතුගමගේ

මුලතිව් පුදුකුඩීඉරිප්පු ප්‍රදේශයේ ඇගලුම් කම්හලක තරුණියක් එම කම්හලේ විධායක නිලධාරියෙකු අතින් බලහත්කාරයෙන් දූෂණයට ලක් වූයේ යැයි කියන සිද්ධියක් නිසා කෝපයට පත් ගම් වාසීන් විශාල පිරිසක් 6 දා රාත්‍රී ඇගලුම් කම්හල වටලා සැකකරුව එළියට ගැනීමට උත්සහ කරද්දී පොලීසිය පැමිණ ඔහුව අත් අඩංගුවට ගෙන තිබේ.

අදාල ඇගලුම් කම්හලේ තරුණිය සිද්ධිය පිළිබදව තම මිතුරියකට පැවසීමෙන් පසුව ඇය කම්හලේ සිටම දුරකතන පණුවුඩයක් මගින් සිද්ධිය ගමේ වැඩිහිටි පිරිසකට දැණුම් දී තිබේ.


විනාඩි ගණනාවකින් කම්හල වැටලූ ගම්වාසීන් සැකකරු එළියට ලබා දෙන ලෙස ඉල්ලමින් කෑ කෝ ගසමින් ඇගලුම් කම්හල ඇතුළට යාමට උත්සහ කරද්දී පාලන අධිකාරිය මේ බව පුදුකුඩීඉරිප්පු පොලීසියට දන්වා සැකකරු පොලීසියට බාර දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැකකරුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පුදුකුඩීඉරිප්පු පොලීසිය පියවර ගෙන තිබේ.

Exit mobile version