බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට රජය නිවැරදි දත්ත සහ තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීමට යයි!

by editor
ජනවාරි 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළ ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී අත්‍යාවශ්‍ය නිරවද්‍ය දත්ත හා තොරතුරු පද්ධතියක් සකස් කිරීමට රජය සැලසුම් කර තිබේ.

එවැනි දත්ත සහ තොරතුරු පද්ධිතයක් නොමැතිව තීරණ ගැනීමේ අවදානම තවදුරටත් දැරීමට රජය සූදානම් නැති බවත් අද ප්‍රකාශයට කෙරිනි.

මේ බව ප්‍රකාශ වන්නේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයෝ පළමු වරට ජනාධිපති කාර්යාලයේදී රැස් වු අවස්ථාවේ දී ය.

ජාතික ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්ති රාමුවක් ඇති කිරීම, අත්‍යවශ්‍ය ආහාර තොරතුරු පද්ධතියක් පවත්වා ගෙන යාම, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නිර්ණායක ඔස්සේ නව වැඩපිළිවෙළක් සකස් කිරීම, විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ දේශීය නිෂ්පාදන වැඩි කිරීම සහ බෙදා හැරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම ආදි කරුණු රැසක් මෙහිදී අවධානයට ලක් විය.

සෘජු පරිභෝජනයට මෙන්ම, කුකුළු හා බිත්තර කර්මාන්තයට අවශ්‍ය සත්ව ආහාර, බියර් නිෂ්පාදනය වැනි මානව පරිභෝජනයට අදාළ සියලු කර්මාන්ත සඳහාද යෙදවුම් වශයෙන් සහල් ලබා දීම රජයේ සංවර්ධිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමේදී සලකා බැලිය යුතු බව කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.

RelatedPosts

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

තවද රටේ ජනතාවගේ ආහාර පරිභෝජනය සම්බන්ධයෙන් අධ්‍යයනය කළ යුතු බවත් නිරෝගී ජනතාවක් බිහි කිරීමට මෙන්ම ආහාර අපතේ යාම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා කමිටු සාමාජිකයින්ට මෙහිදී උපදෙස් දෙන ලදී.

ආහාර සුරක්ෂිතතාව, ආහාර මිල සහ වෙළෙඳපොළ කළමනාකරණය පිළිබඳවද මෙහිදී සාකච්ජා කෙරිණි.

සියලුම පුරවැසියන් සඳහා සුරක්ෂිත, සෞඛ්‍යාරක්ෂිත සහ තිරසර ආහාර පද්ධතියක් සහතික කර ලීමේ රජයේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව බිහි කර ඇත. .

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

අග්‍රාමාත්‍ය ලේකම් ජී.පී. සපුතන්ත්‍රී, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මූල්‍ය වංචා චෝදනා මත අනුර ප්‍රියදර්ශන යාපා අත් අඩංගුවට!

Next Post

දුම්රිය ඊ ටිකට් ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙක් ඔඩිසි දුම්රියේ ආසන 68කට අදාල ඊ ටිකට් 21ක් සමග අත් අඩංගුවට..

Related Posts

පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026
පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
court-
පුවත්

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
court-

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!
  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!
  •   2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.