ඉන්දියාවේ පැවති වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ දී ශ්රි ලංකා යෞවනයින් හොංකොං කණ්ඩායම හමුවේ බිහිසුණු පරාජයක් ලැබීමෙන් පසු ආසියානු අනුශූරතාවය හිමිකරගත් හ.
හොංකොං කණ්ඩායම ජයග්රහණය කරනු ලැබුවේ ලකුණු 33-0 ලෙසය. එකම උත්සාහක දිනුමක් හෝ වාර්තා කරගැනීමට ශ්රී ලංකා කණ්ඩායමට නොහැකි වූ අතර පිට පිටම බරපතල අත්වැරදීම් සිදුකරනු දක්නට ලැබිණි.
ඊට සමගාමීව හොංකොං කණ්ඩායමේ දැඩි ජවය, උපක්රමශීලී ආක්රමණික ස්වරූපය මෙන්ම සංවිධානාත්මක වෘත්තීය භාවය දක්නට ලැබිණි. හොංකොං කණ්ඩායමේ දක්නට ලැබුණේ දැඩි ආක්රමණශීලී තරග විලාශයකි. ක්රීඩකයින් දෙදෙනෙකුට කහ කාර්ඩ්පත් අවවාද ලැබිණි.
කෙසේ වෙතත් ශ්රි ලංකා කණ්ඩායම අවසන් වටය තෙක් පැමිණි ගමන ඉතාම බලාපොරොත්තු සහගත ආකර්ශනීය එකක් වූයේය.







