ආසියානු කුසලාන සත්කාරකත්වය පාකිස්තානයෙන් ගලවා ශ්‍රී ලංකාවට

15 වැනි වරටත් ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ පාකිස්තානයට තිබු සත්කාරකත්වය ඔවුන්ගෙන් ඉවත් කරමින් ශ්‍රී ලංකාවට ලබාදී ඇත්තේ කොරෝනා වසංගතය සහ ඉන්දියා පාකිස්තාන් අර්බුදය හේතුවෙනි.

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 1984 දී ආරම්භ වී තිබේ. වැඩිම වරක් ශූරතාව දිනා ගත් ඉන්දියාව අවසන් දෙවසරේදී දිනා ගත් ශූරතාව සමග හත් වරක් එම ශූරතාවට හිමිකම් කියයි. මෙවර සත්කාරකත්වය දරන ශ්‍රී ලංකාව පස්වරක්ද පාකිස්තානය දෙවරක්ද ආසියානු ශූරතාව දිනා ඇත.

ලෝක කුසලානට පමණක් දෙවැනි වන මෙම තරගාවලිය පුංචි ලෝක කුසලාන වශයෙන් විස්තර විචාරකයන් හඳුන්වනු ලබන්නේ ලොව ප්‍රධානතම රටවල් තරග වදින හෙයිනි. මෙවර තරගාවලියට ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව දිනා ගන්නා කණ්ඩායම සහභාගි වේ.


ශ්‍රී ලංකාවට සත්කාරකත්වය ලැබුණ ද රජයේ අවසරය අනුව තරගාවලිය සංවිධානය කළ යුතුවේ. කෝවිඞ් 19 වසංගත තත්ත්වයට අනුව රජයේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව සියලු කටයුතු සිදුකළ යුතු අතර සත්කාරක කණ්ඩායම ඇතුළු සියලුම කණ්ඩායම් දින 14 ක් නිරෝධායනය වීමෙන් පසුව තරගාවලියට සහභාගි විය යුතුවේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ තරගාවලිය පැවැත්වීමට සැප්තැම්බර් මස යෝජනා කර තිබුණද නියමිත දින ප්‍රකාශයට පත්කිරීම තවදුරටත් ප්‍රමාද කර තිබේ. ඒ අයි.සී.සී.ය විසින් ඔස්ට්‍රෙලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පවත්වනවාද නැද්ද යන්න ස්ථිර තීරණයක් ලැබෙන තුරුය.

Exit mobile version