ආසාදිත දැරිය ගිය දිවුලපිටිය පාසලේ දරුවන් නිරෝධායනය කිරීම ගැන සාකච්ඡාවක්

දිවුලපිටියේ කොවිඩ් ආසාදිත කාන්තාවගේ 16 හැවිරිදි දියණියට කොවිඩ් ආසාදනය වූ බව තහවුරු වීමෙන් අනතුරුව එම දියණිය අධ්‍යාපනය ලැබමින් සිටි දිවුලපිටිය ඤාණාවාස විද්‍යාලයේ පාසලේ දරුවන් පිිරිසක් හා ඇගේ, පන්ති භාර ගුරුවරිය ඇතුළු කණ්ඩායමක් නිරෝධායනයට යොමු කළ යුතු ආකාරය ගැන මූලික සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයි වාර්තා වේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින මෙම දියණිය උණ රෝග ලක්ෂණ තිබෙද්දී පසුගිය බදාදා පාසලට පැමිණ සිටි බව විදුහල් ආරංචි මාර්ග පවසයි.
.
කොවිඩ් ආසාදිත කතගේ සැමියා ත්‍රී රෝද රථ රියදුරෙකි. ඔහු මෙවර ළමා දිනයට කුඩා දරුවන් විශාල ප්‍රමාණයක් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යලයේ පැවැත්වූ උත්සවයට ප්‍රවාහනය කර ඇතැයි වාර්තා වේ.

එම පවුලේ දරුවන් සිව් දෙනෙකි. දරුවන් දෙදෙනෙක් රැකියාවල නිරත වී සිටින අතර එක් දරුවෙක් මේසන් වරයෙක් ලෙසත්, තවත් දරුවත් දරුවෙක් හොරගස්මුල්ල යතුරුපැදි සර්විස් ආයතනයකත් සේවය කරයි.


බාලම දරුවා ගල්කන්ද ශීලවිමල කණිෂ්ට විද්‍යාලයේ 7 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබයි. ඔහු කකුලේ ඇති වූ තුවාලයක් නිසා මාර්තු 11 දින කොවිඩ් වසංගතය නිසා පාසල් වසා දැමූ දින සිට මෙතෙක් පාසලට පැමිණ නැති බව එම විද්‍යාලයේ විදුහල්පතිවරයා පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට මේ සියලු දෙනාම පසුවන්නේ නිරෝධායනයේ ය. මවට සහ 11 වසරේ ඉගනුම ලබන දියණිය හැරුණු පවුලේ අනෙක් කිසිවෙකුට මේ වනතුරු කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී නැත.

Exit mobile version