ආශ්චර්යයක් අවශ්‍යයයි….

ශ්‍රී ලංකාව බිත්තියටම හේත්තු වී ඇත. ක්‍රිකට්වල ආශ්චර්යය නැත. ආශ්චර්යයක් නොවුනහොත් අප ජයග්‍රහණයක් පිළිබඳ සිතන්නටවත් නොහැකි තැනකය. ජයග්‍රහණය සඳහා පකිස්ථානයට ලබා ගත යුත්තේ  ලකුණු 131ක් පමණි. දැන් ඉන් 48ක් එකතු කරගෙනය. ලකුණු 83ක් පමණි. කඩුළු 07ක් සහ හෙට දිනයම ඔවුන් අතේය. 

අපේ කණ්ඩායමේ සැලසුම් බිඳ වැටී ඇත. පිිතිකරණය බලාපොරොත්තු රහිත ලෙස අසාර්ථක වී තිබිණි.  කුසල් මෙන්ඩිස්. දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, සධීර සමරවික්‍රම අපේක්ෂිත ඉලක්කය කරා ශ්‍රී ලංකා කණ්ඩායාමේ ලකුණු පුවරුව ඔසවා තැබුවේ නැත.  පළමු ඉනිමේ දී ලකුණු 312කට දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමේ දී ලකුණු 279කට දැවී ගොස්ය.

ධනංජය අදත් හුදකලා සටනක…

පිතිකරුවෙක් ලෙස ටෙස්ට් ඉනිමක ඇති වගකීම් සහගත ක්‍රීඩා විලාශය පිළිබඳ පාඩමක් උගන්වමින් පළමු ඉනිමේ නොදැවි ලකුණු 208ක් රැස් කළ   සවුද් ෂකීල් පකිස්ථාන කණ්ඩායම ජයග්‍රහණයේ ඉහළම තැනට ඔසවා තැබුවේය. ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 149ක් ඉදිරියෙන් ඉඳිමින් පකිස්ථාන කණ්ඩායම ලකුණු  461ක ලඟා විය නොහැකි තරම් උස් තැනකට ඔහු හුදකලා සටනක් කරමින් ඔසවා තැබුවේය. එක් අවස්ථාවක පකිස්ථානය හිටියේ කඩුළු පහක් දැවී ලකුණු 101 සහිතවය. ඒ අවස්ථාවේ තරගයේ පූර්ණ ගෞරව තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම සතුවය.

ගාල්ලේ දී දෙවැනි ඉනිමේ ලකුණු 149ක් හඹා ගොස් අනතුරුව ජයග්‍රාහී ඉලක්කයක් ප්‍රතිවාදීන්ට ලබා දීම පහසු කටයුත්තක් නොවන බව ඊයේ ලියා තැබුවෙමු.


ඊයේ සවුද් ශකීල් නොදැවී ලබාගත් ද්විත්ව ශතකයෙන් පසු…

එය සනා,ථ වී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 279කට දැවී යන විට ධනංජය ද සිල්වා යළිත් සිය හුදකලා පිතිකරණ වික්‍රමය පෙන්නුවේය. ඔහු ලකුනු 82ක් ලැබුවේය.

ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක ලකුණු 52ක් ලබා ගත්තේය. රමේෂ්  මෙන්ඩිස් ලකුණු 42කි.

ලකුණු 279කට සියල්ලන්ම දැවී යන විට පකිස්ථාන කණ්ඩායමට තිබුණේ ජයග්‍රහණය සඳහා ලකුණු 131ක් පමණි..

අති මහත් ආශ්චර්යයක් නොවුනොත් ජයග්‍රහණය පකිස්ථානුවන් අතේය.

මේ වනවිට ප්‍රභාත් ජයසූරිය යළිත් ක්‍රියාත්මක වී ඇත. ඔහු ලකුණු 17කට කඩුළු 02ක් දවාගෙන ඇත. නෝමන් අලි දුවද්දී දැවී ගොස්ය. පකිස්ථාන කණ්ඩායම ලකුණු 48ට කඩුළු 03ක් බිඳ වැටී ඇත. නමුත් ජයග්‍රහණය වෙනුවෙන් කඩුළු 07ක් සහිතව ඔවුන්ට ලබා ගතයුතුව ඇත්තේ ලකුණු 83ක් පමණි.

තරගයේ යම් වෙනසක් පිළිබඳව දුරින් පෙනෙනා පුංචි බලාපොරොත්තුව ඇත්තේ ප්‍රභාත් ජයසූරිය හා රමේෂ් මෙන්ඩිස් අතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පළමු ඉනිමේ මෙන් ප්‍රභාත් ගලිහී ගියහොත් හෙට දිවා ආහාරයට පෙර තරගය අවසන් වනු ඇත.

Exit mobile version