ආර්ථික මධ්‍යස්ථාන තොග වෙ‍ළෙඳාමට සීමා කෙරේ

ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාමට පමණක් සීමා කිරීමට රජය තීරණය කර තිබේ.

සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සහ PCR පරීක්ෂණ අඛණ්ඩව කරමින් මනා සුපරීක්ෂණයක් සහිතව වෙළෙඳ කටයුතු සිදු විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

එළවළු, පළතුරු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග රැගෙන දිස්ත්‍රික්ක අතර ගමන් කරන ලොරි රථ සඳහා ඇඳිරි නීති බලපත්‍ර අවශ්‍ය නොවන බවට ද ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය ඊයේ (05) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා විසින් මේ උපදෙස් දෙනු ලැබිණ.


කටුනායක ආයෝජන කලාපයේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට සියලු පියවර ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පෞද්ගලික රෝහල්වල දායකත්වය ඇතිව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා නාවික හමුදාවේ අධීක්ෂණය යටතේ වෙළෙඳ කලාපය ආශ්‍රිත PCR පරීක්ෂණ අහඹු ලෙස සහ අඛණ්ඩව කරගෙන යාමට ද ජනාධිපතිතවරයා විසින් උපදෙස් දෙනු ලැබීය.

Exit mobile version