ආර්ථික අර්බුදය මරණයට අත වනන හැටි… රටේම රුධිර පාරවිලයන ක්‍රියාවලිය බිඳවැටීමේ අවාදනමක්!

ශ්‍රියානි විජේසිංහ –                                           

රුධිර පාරවිලයනයේ දී රෝගියාට ලබා දෙන රුධිරයේ  එච්.අයි.වී, සිපිලිස්, මැලේරියාව, හෙපටයිටීස් බී  සහ සී ,   රෝගකාරක විසබීජයන් පවතින්නේද යන්න පිලිබදව පරික්ෂා කරන  එලයිසා (ELISA)  රුධිර පරික්ෂාව සඳහා  සැපයුම්කරු සති‌යෙන් සතිය    ලබාදෙන ප්‍රතික්‍රියක මත  යැපෙන්නට සිදුවී ඇති බවත්, ඔහු එක් සතියක හෝ උක්ත ප්‍රතික්‍රියක සැපයීමට අපොහොසත් වුවහොත් ඒ මොහොතේ සිට රටේ සියලුම රුධිර පාවිලයන ක්‍රියාවලිය නැවතෙන බවත්  රුධිරපාරවිලයන මධ්‍යස්ථාන ආරංචි මාර්ග සදහන් කරයි .

එලයිසා (ELISA) රුධිර පරීක්ෂාව සිදු නොකර කිසිම රෝගියෙකුට රුධිරය ලබා නොදෙන බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි. 

මෙම රුධිර පරීක්ෂාව සඳහා ප්‍රතික්‍රියක සපයන  සැපයුම්කරුට සෞඛ්‍ය අමාත්‍යංශය විසින්  ලබා දීමට නියමිත හිඟ ණය මුදල ලබා නොදීම හේතුවෙන් ප්‍රතික්‍රීයක සැපයීම  නතර කිරීමට තීරණය කළබව වාර්තා විය. 

එහෙත් අනතුරුව  ඔහුට ගෙවිය යුතු මිලියන ගණනක ණය මුදල ගෙවනතුරු  සතියෙන් සතිය මුදල් දී එම සතියට අවශ්‍ය ප්‍රතික්‍රියක  ලබා ගැනීමට පියවර ගෙන තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යම් හේතුවකින් එක සතියක්හෝ මුදල් ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යංශය නොහැකි වුවහොත් එම සතියට අවශ්‍ය ප්‍රතික්‍රීයක නොලැබෙනු ඇතැයි ද ඒ මොහොතේ රටේ සියලුම රුධිර පාරවිලයන ක්‍රියාවලිය නවතිනු ඇතැයි  ද  රුධිරපාරවිලයන මධ්‍යස්ථාන ආරංචි මාර්ග හෙළි කළේය.

  

Exit mobile version