ආර්ථික අර්බුදය නිසා එදාවේල අවදානම් පවුල් 61000කට මසකට රුපියල් දහදාහක්!

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පවතින ආර්ථික අර්බුදකාරී ආර්ථික තත්ත්වය හමුවේ කඩිනමින් සහන සැලසිය යුතු ආහාර සුරක්ෂිතතාවක් නොමැති පවුල් 61,000ක් පමණ සිටින බවත් ඔවුන්ට ඉදිරි මාස හතර සඳහා මාසිකව රුපියල් දස දහස බැගින් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. 2022 වසරේ ඉතිරි කාලයට අදාළ සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව අනාවරණය කළේය.
එසේම ගැබිනි මව්වරුන් සහා මාසිකව ලබා දෙන රුපියල් 20,000ක දීමනාවට තවත් රුපියල් 2500ක් එකතු කරන බව පැවසූ ජනාධිපතිවරයා මේ කටයුතු සඳහා රුපියල් මිලියන 46,600ක් වෙන් කර ඇතැයි ප්‍රකාශ කළේය. පසුගියදා වැඩි කළ භූමිතෙල් මිල හමුවේ අසීරුතාවට පත් කුඩා යාත්‍රා ධීවරයන්ට සහ වතුකරයේ ජනතාවට සහනාධාර කුමයක් යටතේ භූමිතෙල් ලබා දීමටද මෙම සහන වැඩපිළවෙළට ඇතුළත් වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින ලක්ෂ 32ක් පමණ ජනතාව වෙනුවෙන් විවිධ සහනාධාර ලබා දීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.
ලෝක බැංකු ආධාර හමුවේ මේ වනවිට ලබා දෙමින් පවතින සහනාධාරවලට අමතරව ඉදිරියේදී 2022 /2023 මහ කන්නයේ ආහහාර වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර ලබා ගැනීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 110ක් වෙන් කර ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

Exit mobile version