ආර්ථිකය විනාශ කළ වරද පිළිබඳව ගෝඨාභය, මහින්ද ඇතුළු ප්‍රධානීන්ට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට දින තීන්දු වෙයි!

වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට වගකිව යුතු ප්‍රධාන පුද්ගලයින් ලෙස හිටපු ජනාධිති ගෝඨාභය රාජපක්ෂ , හිටපු අගමැති මහින්ද රාපක්ෂ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි 5 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමෙන්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ හා අලි සබ්රි, හිටපු ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් හා ඩබ්ලිව්, ඩී ලක්ෂ්මන්, මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් එස්.ආර් ආටිගල හා කැබින්ට් මණ්ඩලයේ ක්‍රියාත්මක වූ අමාත්‍ය මණ්ඩලය වැරදිකරුවන් ලෙස නම් කරන ලෙස ඉල්ලා තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දන්වා සිටියේ මහ බැංකුවෙන් ලේඛන කිහිපයක් අධිකරණයට ලැබීමට නියමිත බවයි. කෙසේ වෙතත්, මහ බැංකුවේ මුදල් මණ්ඩලය අධිකරණයට දන්වා සිටියේ අධිකරණය ලබාදුන් නියෝගයට අනුව මෙම ලිපි ලේඛන මේ වනවිටත් භාරදී ඇති බවයි.

ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 203 ට පමණ පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය ගත් තීරණය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් (IMF) පහසුකම් ලබා ගැනීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් විගණනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස විගණකාධිපතිවරයාට නියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ද නිකුත් කර තිබුණි . විදේශ සංචිත යොදා ගනිමින් 2022 ජනවාරි 18 වැනි දින ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක වටිනාකමින් යුත් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර පියවීමට අදාළ කරුණු පිළිබඳව විගණනයක් කරන ලෙසද විගණකාධිපතිවරයාට වැඩිදුරටත් නියෝග කෙරිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශ්වවිද්‍යාල විද්‍යාඥයින් තිදෙනෙකු වන ආචාර්ය අතුලසිරි කුමාර සමරකෝන්, ආචාර්ය මහිම් මෙන්ඩිස් එස්.එන් මොරායස්, ශ්‍රී ලංකා පිහිනුම් සහ පුහුණුකරු ජූලියන් බොලින්, ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් යන මහත්වරුන් මෙම පෙත්සම් ගොනු කළේ බලධාරීන්ට නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමිනි.

Exit mobile version