ආරක්ෂිත ඇදුම් ගබඩාවක ගින්නක් – ලක්ෂ 250 ක පමණ විනාශයක්

ඉහල මහලේ සිටි දරු තිදෙනාව ප්‍රදේශවාසීන් බේරාගෙන

පානදුර සුමිත් පොතුපිටිය
මොරටුව ප්‍රදේශයේ පවත්වාගෙන යන කොරෝනා ආරක්ෂක ඇදුම් කට්ටල ගබඩාකර තිබූ දෙමහල් ගොඩනැගිල්ලක අද (31) පස්වරුවේ විශාල ගින්නක් හටගෙන ඇතැයි මොරටුව පොලිසිය පවසයි.

රාවතාවත්ත පූජ්‍ය දොඩංගොඩ අස්සජී නාහිමි මාවතේ, 6 වන පටුමගේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක ගින්න හටගෙන ඇතැයිද සදහන් වේ.

එහි හිමිකරු ඉහළ මාලයේ පදිංචිව සිටින අතර, ගින්න හටගන්නා මොහොතේ ඔහුගේ දරු තිදෙනා එහි සිට ඇති අතර, ප්‍රදේශවාසීන් විසින් ඔවුන් බේරා ගෙන ඇතැයි ද සදහන් වේ.

ගින්න සැලවීමත් සමගින්  මොරටුව මහා නගර සභාවේ ප්‍රධාන ගිනි නිවීමේ නිලධාරී දුල්සිරි කුමාර මහතා සමග ගිනි භඨයින් 16 ක්  රථ 4 ක් සමග ස්ථානයට ළඟාවී තිබුණි .


ගිනි භඨයින්  මොරටුව පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කිරීමට ඊයේ පස්වරුව වනවිටත් දැඩි වෙහෙසක් ගන්නා අයුරුද දැකගත හැකිවිය.

ගින්නෙන් ගොඩනැගිල්ලට විශාල වශයෙන් හානි සිදුවී තිබූ අතර, පහත මාලයේ තිබූ කොරෝනා ආරක්ෂිත ඇඳුම් විශාල වශයෙන් පිලිස්සී තිබුණි.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විශේෂ ඝණද්‍රව්‍ය ඒකකයේ  සේවකයින් 50 ක් පමණ  ගින්න මැඩපැවැත්වීමට සහායට කැදවා තිබූ අයුරු දැකගත හැකිවිය .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගින්නට හේතුව නිශ්චිත වශයෙන් අණාවරනය වී නැතැයිද ගිනි නිවන නිලධාරීයෙක් පැවසූ අතර , ගින්නෙන් සිදුව ඇති හානිය රුපියල් ලක්ෂ 250 කට අධික බව එහි හිමිකරු පැවසිය.

 

 

Exit mobile version