ආයුර්වේදයේ එන ‘සුදර්ශන පැණිය’ කොරෝනා රෝගීන්ට

කොරෝනා වෛරස රෝගය මර්ධනය කිරීම සඳහාද දේශීය ආයුර්වේද ඖෂධයක් වන “සුදර්ශන පැණිය” භාවිතා කල හැකි බව ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ සහ රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ විශේෂඥයින් කාණ්ඩයමක් විසින් කල පර්යේෂණයකින් අනාවරණය වෙයි.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය හා දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශය අතර මේ පිළිබඳ අද දින විශේෂ සාකච්ජාවක් පැවැත්විණි.

එහිදී මෙම ඖෂධය, කොරෝනා රෝගීන් සඳහා රජයේ රෝහල්වලදී ලබාදීමට මූලික එකඟතාවයක්ද ඇතිවී ඇත.


ආයුර්වේදයේ එන සුදර්ශන පැණිය කොරෝනා රෝගයට අදාළව භාවිතා කළ හැකි පරිදි නවීකරණය කිරීමට අදාළ විශේෂඥයින් කණ්ඩායම සමත්ව ඇත.

එහි සියලු පරීක්ෂණ කටයුතු බටහිර වෛද්‍ය විද්‍යාවට අනුවද සාර්ථක යැයි පෙනී යන බවත් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මාධ්‍ය වෙත පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සාර්ථකත්වය මත ඉදිරියේදී මෙම පැණිය රජයේ රෝහල් තුළ ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සඳහා ලබා දීමට කටයුතු සලස්වනු ඇති බවද ඔහු පැවසීය

Exit mobile version