ආයුධ පෙන්වන්න යද්දි ගල්කොරියෙන් වැටී මළේ මුල්ලේරියා පොහොට්ටු මන්ත්‍රීගේ  සැබෑ ඝාතකයා නොවන බව හෙළි වේ!

පොලිස් විමර්ශන අංශ සැබෑ ඝාතකයින් සහ උදව් කරුවන් හෙළි කරගනී...

මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු මන්ත්‍රී සුමුදු රුක්ෂාන් ඝාතනයට සැකපිට විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන සිටිය දී  සඟවා ඇති ආයුධ පෙන්වීමට ගොස්    ගල්කොරියකින්  ඇදවැටී   මිය ගිය පුද්ගලයා සිද්ධියේ    සැබෑ ඝාතකයා නොව වෙනත් අයෙක් බව අනාවරණය වී තිබේ.

මේ බව හෙළි වන්නේ   එම ඝාතනයට අනුබල දුන් කිහිපදෙනෙක් හඳුනා ගැනීමෙන් අනතුරුව  බස්නාහිර දකුණු දිසා අපරාධ කොට්ඨාසය දියත් කළ පුලුල් විමර්ශනයකින් අනතුරුවය.

ඒ විමර්ශන අනුව තහවුරු වී ඇත්තේ  විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවේ සිටිය දී   ගල් වලට වැටී මිය ගිය පුද්ගලයා මෙම සිද්ධියේ සැබෑ ඝාතකයා නොවන බවය.

හදිසි අනතුරින් මිය ගොස් අත්තේ කලින් අපරාධ චෝදනා සහිතව සිට පුද්ගලයෙක් වූ  කඩවත පහළ බියන්විල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන තුවාන් ශිරාත් නැමැත්තෙකි. එහෙත් ඔහුගෙන් පසුගිය වසර තුන 03 තුළ අපරාධ සඳහා සක්‍රීය දායකත්වයක් වාර්තා නොවන බව ද විමර්ශන අංශ හෙළි කරගෙන ඇත.


විශේෂ කාර්ය බලකායට ලැබුණු විශේෂ තොරතුරක් මත පදනම්ව ඔවුන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබිණි.

එහෙත්  බස්නාහිර දකුණු දිසා අපරාධ කොට්ඨාසය දියත් කළ විමර්ශනයයේ දී ඝාතකයා සහ යතුරුපැදි ධාවකයාට තම නිවසේ නවාතැන් දුන් හිඹුටානේ  මහවත්ත පාරේ නිවසක තරුණයෙක් අත්අඩංගුවට ගැනීමට  හැකි වී තිබේ.

අත්අඩංගුවට පත් වී ඇත්තේ අවුරුදු 23ක තරුණයෙකි. මෙම ඝාතන කොන්ත්‍රාත්තුව භාර දුන් බව කියන ඩුබායිහි වෙසෙන ජිලේ නැමති අපරාධකරුගේ කුඩු සල්ලි කළමනාකරණය කරන්නේ මේ තරුණයා විසින් බව මූලික විමර්ශනවලදී හෙළි කරගෙන ඇත.

තව දුරටත් ප්‍රශ්න කිරිමේ දී ජිලේ ගේ උපදෙස් මත තමන්ගේ ත්‍රී රෝද රථයෙන් මෙම තරුණයා වෙඩික්කරුවා සහ පැදිකරු අංගොඩ ස්ථානයක  සිය නිවසට රැගෙන පැමිණි ආකාරයත්,  ඔවුන්ට ආයුධ සහ යතුරු පැදිය සපයා දී ඝාතන කොන්ත්‍රාත්තුවට අදාල මුදල ලබා දුන් ආකාරයත් හෙළි කර ඇත.

ඔවුන්ට යතුරුපැදිය සහ ආයුධ ලබා දී ඇත්තේ පසුගිය 2 දා සවස 4.30ට පමණය.  මේ සියලුම තොරතුරු වෙනත් සාක්ෂි මගින් ද තහවුරු කරගෙන ඇති බව විමර්ශන අංශ කියයි.

මේ වනවිට මෙම තරුණයාත් ඝාතකයන් ප්‍රවාහනය කළ ඔහුගේ ත්‍රීවිල් රථයත් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැබෑ ඝාතකයා හෙළි වී ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට මහෙයුම් දියත් වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

 

Exit mobile version