ආයතන ප්‍රධානීන් ලෙස වෘත්තිකයින් පත් කරන්න… දේශපාලන පක්ෂ ක්‍රමය අමතක කරන්න – චම්පික ජනපතිගෙන් ඉල්ලයි

රාජ්‍ය ආයතන සඳහා ප්‍රධානීන් පත් කිරීමේ දී දේශපාලන පක්ෂ ක්‍රමය අමතක කොට වෘත්තිකයන් පත්කිරීමේ අවශ්‍යතාව දැඩිව පවතින බව  43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක අද ජනපතිවරයා අමතා කියා   සිටියේය.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ සර්වපාක්ෂික අණ්ඩුවක් සඳහා ඊයේ (05) ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී ය.

දේශපාලන ප්‍රතිසංස්කරණවලින් පමණක් රටක් ගොඩනැගිය නොහැකි බව කියා සිටි චම්පික රණවක   වෘත්තීය නිපුණතාවය සහිත පුද්ගලයන්ගේ දායකත්වය ඊට ප්‍රධාන සාධකයක් කරගත යුතු බව ද පැවසීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී අනාගත ලෝකය දෙස බලා විෂය නිර්දේශ සැකසිය යුතු බව ඔහු  කීවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත ගෙන ඒම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය සමග 43වන සේනාංකය සුබවාදීව කටයුතු කරන බවත් චම්පික රණවක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

Exit mobile version