ආබාධිතයන් වෙනුවෙන් යුග මෙහෙවරක් කළ ආචාර්ය අජිත් පෙරේරා දිවියට සමුදෙයි

ශ්‍රි ලංකාවේ ආබාධ සහිත ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම කෙරෙහි විශාල කැපකිරීමක් කළ ආචාර්ය අජිත් සී.එස් පෙරේරා මහතා තම දිවියෙන් සමුගත්තේය. ඊයේ මිය ගිය ඔහු මිය යන විට 64 වැනි වියේ පසුවිය. වෘත්තියෙන් වරලත් රසායනඥයකු වූ ආචාර්ය අජිත් සී.එස් පෙරේරා ක්‍රිකට් ක්‍රිඩාව සමඟද සමීප සබඳතාවක් පැවත පුද්ගලයෙකි. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් තරග විනිසුරුවකු බවට පත් වූ අතර එංගලන්තයේ ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ සාමාජිකත්වය ලබා තත් පළමු ශ්‍රි ලාංකික ක්‍රිකට් විනිසුරුවරයාද වන්නේය.

1992 වසරේදී තමන් විසින් විනිශ්චය කරන ලද පළමු ජාත්‍යන්තර තරගය අවසානයේ තම මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී බෞද්ධාලෝක මාවතේදී මාර ගසක් ඔහුගේ මෝටර් රථයට කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් ඔහුට අවාසනාවන්ත ලෙස තම සක්‍රිය ක්‍රිකට් ජීවිතයට සමුදෙන්නට සිදුවූ අතර එතැන පටන් සාදාකාලික ආබාධිතයකු ලෙස ජීවත් වන්නට සිදුවිය.

ආබාධිත තත්ත්වයට පත්වීමෙන් පසුව මෙරට ආබාධ සහිත ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මිය යන තෙක්ම දැඩි සටනක් කළ ආචාර්ය අජිත් සී.එස් පෙරේරා විශේෂයෙන් ආබාධ සහිත ජනතාවට රටේ පොදු ස්ථානවලට අවහිර බාධාවකින් තොරව ප්‍රවේශ වීමේ යටිතල පහසුකම් මෙරට ප්‍රවර්ධනය කිරීම සඳහා දැඩි කැපවීමකින් කටයුතු කළේය. එහි ප්‍රතිඵල මෙරට ආබාධ සහිත ජනතාවට ලබා දීමටද ඔහුට හැකියාවක් තිබිණ. ආචාර්ය අජිත් සී.එස් පෙරේරා ගේ මේ අප්‍රතිහත ධෙර්යයේ ප්‍රතිඵලය මෙරට ත්‍රස්තවාදී යුද්ධය නිසා අත පය අහිමි වූ රණ විරුවන් ඇතුළු බොහෝ දෙනකුට විශේෂ පහසුකමක් විය.එසේම මෙරට ආබාධිත ජනතාවගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද වෙනුවෙන් රට තුළ සමජ මතයක් ගොඩ නැගීමටත් ඔවුන්ට අදාළ වන අකාරයට නීති රීති අණපනත් වෙනස් කිරීම වැනි ප්‍රතිපත්තිමය කරුණු වෙනුවෙන්ද ඔහු චදැඩි වෙහෙසක් ගෙන කැපවූ පුද්ගලයෙකි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොලඹ රාජකීය විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයකු වන ඔහු කොලඹ විශ්ව විද්‍යොලයෙන් මූලික විද්‍යා උපාධියත් එංගලන්තයේ බර්මිංහැම් සරසවියෙන් පශ්චාත් උපාධියද ලබා වරලත් රසායනඥයකු ලෙස වෘත්තිය පසුබිමක සකස් කර ගත්තේය.ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ දැඩි අල්මකින් කටයුතු කළ ඔහු The Golden Era of Sri Lanka Cricket නමින් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ ග්‍රන්ථයක්ද සම්පාදනය කළේය.

Exit mobile version