ආපනශාලා හිමියන්ගේ සංගමයේ අසේල සම්පත් 19 තෙක් රිමාන්ඩ්…

කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් ලබන 19 වනදා දක්වා රක්ෂික බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය. ඒ, ඔහු අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද (14) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

අසේල සම්පත් ඊයේ ( 13) අත්අඩංගුවට ගැනෙන්නේ  අධිකරණය මගින් නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනුවය.

ඒ, පාරිභෝගික සේවා අධිකාරියට පැමිණ එහි සිටි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනාව යටතේ ඔහුට එරෙහිව මීට පෙර ගොනු කර තිබූ නඩුවකට අදාළවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු මීට දින කීපයකට පෙර ඉතා දැඩිව වෙළෙඳ ඇමතිවරයාව විවේචනය කළ අතර වෙළෙඳ ඇමතිවරයා විසින් ප්‍රකාශ කළේ සාවද්‍ය ප්‍රචාර පතුරුවමින් සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගත යුතු බවය.

Exit mobile version