ආපදා තත්වය නිසා සිදුවූ මරණ ගණන 14 දක්වා ඉහළට… පුද්ගලයින් 02ක් අතුරුදහන්…

Flood

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිවයිනේ ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක දහයක පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි..

ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 02ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 03ක්, කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයෙක්, , කළුතර 01 දිස්ත්‍රික්කයේ පුද්ගලයෙක්, ගාල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයෙක් හා කෑගල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 05ක් මෙසේ මිය ගොස් ඇත.

එමෙන්ම පවුල් 60, 674 කට අයත් පුද්ගලයින් 245,212 ක් පීඩාවට පත්ව තිබේ. පුද්ගලයින් දෙදෙනෙක් තවමත් අතුරුදන්ව ඇත. තවත් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා තිබේ.

ගම්පහ, රත්නපුර, කොළඹ, පුත්තලම, කළුතර, නුවරඑළිය, කෑගල්ල, මහනුවර, කුරුණෑගල සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ජනතාව තවදුරටත් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේය.

මේ අපදා තත්වය නිසා නිවාස 817 කට පූර්ණ හානි සිදුවී ඇත.

පවුල් 3,520 කට අයත් පුද්ගලයින් 15,658 ක් ආරක්ෂිත ස්ථාන 72 ක් වෙත යොමු කර ඇති බව මධ්‍යම පළාත් සභාව පවසයි.

Exit mobile version