ආනයනික සහල් මිනිස්සුන්ට දෙන්න එපා… නිව් රත්න  මෝල් හිමියා කෘෂිකර්ම ඇමතිගෙන් ඉල්ලයි…

බළලා මල්ලෙන් එළියට පැනල ද?

ආනයනික සහල්වල විස රසායනියන් අන්තර්ගත බවට විශාල ආන්දෝලනයක් පැතිර යන මොහොතක ආනයනික සහල් පාරිභෝගියාට නොදී වෙනත් කටයුතු සදහා යොදවා ගන්නැයි තමා කෘෂිකර්ම ඇමතිවරයාගෙන් ඉල්ලා සිටින බව නිව්  රත්න සහල් මෝල් හිමිකරු මිත්‍රපාල ලංකේෂ්වර  සඳහන්  කරයි.

විවිධ මාධ්‍ය මගින් සහල්වල පවතින බැරලෝහයන් පිලිබදව සදහන් කර තිබුණ බවත් කෘෂිකර්ම ඇමතිවරයා පවා ආනයනික සහල් මිනිස් පරිභෝජනයට සුදුසු නොවන බව එක්තරා අවස්ථාවකදී සදහන් කර ඇති බවත් මිත්‍රපාල  පෙන්වාදේ.

මේ වන විට දේශීය  සහල් ඇති තරම් රටතුළ තිබෙන බවත් ලබන ජනවාරි මාසය වන විට තවත් අස්වැන්නක් වෙළඳපලට ලැබෙන බවත් හෙතෙම පෙන්වාදේ.

මේ මොහොතේදී රජය මැදිහත් වී ගොවියාට රුපියල් 150ක මුදලක් ලබා දීමේ ක්‍රමයක් සලසා දිය යුතු අතර දේශීය ගොවියා නගා සිටුවීමට රජය   ඉක්මන් විසදුමක් ලබා දිය යූතු බව මිත්‍රපාල  සඳහන් කරයි.


මේ කතාවත් කියවන්න….

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විකෘති බැරලෝහ වාර්තාව පසුපස ඉන්නේ මෝල් හිමියන් ද?. කෘෂිකර්ම විද්වත්හු ප්‍රශ්න කරති…

Exit mobile version