“ආනන්දි සශිහරන් කොටි බිරියක්.. ඡන්දෙ දෙන්න එපා..”

සුමන්තිරන් කියයි

දිනසේන රතුගමගේ:

එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් සිදුකරන ලද සෑම ක්‍රියාවක්ම සාධාරණය කරමින් ජාත්‍යන්තරයට කරුණු දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා තමන්ට කොටියෙකුගේ බිරිදක් නිසා ඡන්දය දීමෙන් වළකින ලෙසට ජනතාවට ප්‍රකාශ කිරීම බරපතල වරදක් බව උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දී සෂිහරන් මහත්මිය 13 දා යාපනයේදී පැවසීය.

මහමැතිවරණය වෙණුවෙන් ආධාර ලබා ගැනීමට යාපනයේදී පැවති ජනහමුවකදී ඇය මේ බව කියා සිටියාය.


සුමන්තිරන් මන්ත්‍රීවරයා අවස්ථාවාදී දේශපාලනයක නිරත වෙමින් ජනතාව නොමග යැවීමට සූදානම් බව පවසන ආනන්දී සෂිහරන් මහත්මිය උතුරේ ජනතාව තමන් ප්‍රබල කොටියෙකුගේ බිරිද බව දන්නා බවත් ඒ කොටි නායකයා එවකට පැවති රජයේ ක්‍රියාදාමය මත වවුනියාව හා ත්‍රිකුණාමළය ප්‍රදේශ වල එල්.ටී.ටී.ඊ.දේශපාලන අංශ නායකයා වශයෙන් කටයුතු කළ බවත් මෙහිදීපැවසුවාය.

උතුරේ ජනතාව තමන්ව විශාල මනාප සංඛ්‍යාවකින් උතුරු පළාත් සභාවට තෝරා පත් කර ගන්නා ලද්දේද තම සැමියා උතුරේ ජනතාවට කළ සේවයට උපහාරයක් වශයෙන් බව කී ආනන්දි සශිහරන් තවදුරටත් පැවසුවේ සුමන්තිරන් මන්ත්‍රීවරයා එල්.ටී.ටී.ඊ.ක්‍රියාකාරකම් අගය කරමින් ඔවුන්ගේ ශක්තියෙන් බලයට පත් වීමට උත්සහ දරන්නේ කුහකයෙකු වශයෙන් බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සුමන්තිරන් කොටියෙක් නොවන බව එක් පැත්තකින් පෙන්වමින් ඔහු අනෙක් පැත්තෙන් කොටි ගැන කියමින් ඔවුන්ව වර්ණනා කරන්නෙකු වූවත් තමන් නියම කොටියෙකුගේ බිරිද බව සුමන්තිරන් අමතක නොකල යුතු බවද යාපනයේදී පැවසුවාය.

Exit mobile version