ආදානි ලොකුම සල්ලිකාරයන්ගෙ පස්වෙනි තැනට

Gautam Adani

ඉන්දීය ව්‍යාපාරික ගෞතම් ආදානි ලොව පවැනියට ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබේ. ඒ අනුව 59 හැවරිදි ආදානිගේ වත්කම් මේවන විට ඇමරිකානු ඩොලර් බිලියන 122.2ක් දක්වා වර්ධනය වී ඇති බව ෆෝබ් සඟරාව සඳහන් කරයි.

ආදානිගේ මෙම වත්කම් ඉහළයාමත් සමඟ ප්‍රබල ආයෝකයෙකු වන වොරන් බෆ්ෆෙට් ධනවත්ම පුද්ගලයින්ගේ ලයිස්තුවේ හය වන ස්ථානයට පත්ව තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආදානි ඉන්දියාවේ විශාලතම ගල් අඟුරු නිෂ්පාදකයා වන අතරම එරට වරාය මෙහෙයුම් කටයුතු වලට ඔහු නිරත වේ. ඔහු පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේද ආයෝජනය කිරීමට අපේක්ෂා කළේය.


Exit mobile version