ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් හිටිහැටියේ නැගිට ගිය අගමැතිට මන්ත්‍රීවරු නොකිය කී තිත්ත කතා…  

Rania

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (20) පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අතර තුර අගමැති රනිල් වික්‍රමසිංහ නැගිට යෑම මන්ත්‍රීවරුන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබේ.

මීට ඉහත ද අවස්ථා කීපය දීම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වෙන අතරතුර අගමැතිවරයා හිටි හැටියේම නැගිට ගොස් ඇත.

ඊයේ දිනයේ පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අගමැතිවරයා නැගිට යනවාත් සමගම ඔහු යන්නේ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් සමග සාකච්ඡාවකට සහභාගී විමට බව ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇතත් ඊට මන්ත්‍රිවරු බහුතරයකගේ එකඟත්වය පල වී නැත.

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් හා අගමැතිවරයා අතර සාකච්ඡාව ඊයේ උදේ වරුවේ පැවති බවත් සවස ඔවුන් සමග තවත් සාකච්ඡාවක් තිබිය නොහැකි බවත් ඇතැම් මන්ත්‍රීවරු ප්‍රකාශ කර තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අගමැතිවරයා සහ මන්ත්‍රී කණ්ඩායම අතර විශ්වාසය පලුදු වී ඇති බවත් මන්ත්‍රී කණ්ඩායම සමග සහයෝගයෙන් වැඩ කිරීමට සැබෑ උවමනාවක් තියනවා නම් ඔහු කණ්ඩායම් රැස්වීමේ රැඳී සිටින බවත්  මන්ත්‍රීවරු දිගින් දිගටම පවසා ඇත. මේ  හැසිරීමෙන් ඔහු පෙන්වන්නේ විශ්වාසය කඩවීමක් බවත් මෙහෙම අගමැතිවරයෙකුගෙන් ප්‍රයෝජනයක් නැති බවත්  මන්ත්‍රීවරු පවසා තිබේ.

Exit mobile version