ආණ්ඩුව… දැන් ඉගෙන ගත්තා ඇති… වැඩ කරමු… පොහොට්ටු මන්ත්‍රී ආණ්ඩුවට යෝජනා කරයි..!

ලලිත් චාමින්ද –

වත්මන් රජය දැන් ඉගෙන ගන්නට උත්සාහ දැරුවා ඇති බවද පරිනත  ආර්ථික සාමාජීය දේහපාලන විශේෂඥයන්ගෙන් උපදෙස් ලබාගෙන රට ඉදිරියට ගෙන යා යුතුව ඇතැයිද ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ගාල්ල දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චන්දිම වීරක්කොඩි  පවසයි.

ඔහු මේ අදහස් පලකළේ අද   (17) ගාල්ලේ දී පැවති මාධ්‍ය හමුවකදී අදහස් පලකරමිනි.  මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චන්දිම වීරක්කොඩි  මෙසේද පැවසීය.

“ලාංකීය ඉතිහාසයේ අමාරුතම  යුගයකට ආර්ථික වශයෙන් අපේ මුහුණ දීලා තියෙන්නේ. කොවිඩ්  තත්ත්වය තුළ මේ තත්ත්වය තවදුරටත් ව්‍යාකූල  වෙලා  කියලා යමෙකුට කියන්න පුළුවන්.“


“කෙසේ වෙතත් රජයක වගකීම ජනතාව වෙනුවෙන් ලබා දිය හැකි උපරිම සහන ලබාදීමට කටයුතු කිරීම වගේම රටේ අනාගතය සුරක්ෂිතවන ආකාරයට පැහැදිලි දූරදර්ශී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි.“

“ඉතින් මා විශ්වාස කරනවා මේ රජය දැන් ඉගෙන ගත්තා ඇති. ඉගෙන ගන්න උත්සාහ දැරුවා ඇති.  පරිණත දේශපාලනඥයන්ගෙන් පරිණත ආර්ථික විශේෂඥයන් ගෙන්  පරිනත දැක්මක් තියෙන පුද්ගලයින් ගෙන් උපදෙස් අරගෙන ඉදිරි අවුරුදු දෙකහමාර තුළ රට නිවැරදි මගකට ගෙන යයි කියලා.“

“මොකද ජනාධිපති වරයෙක් පත් වෙන්නේ අවුරුදු පහකට.  දැන් අවුරුදු දෙකක් ඉවරයි. අවුරුදු හතර හමාර වෙනකොට ඡන්දෙ ආරම්භ වෙනවා.  අවුරුදු පහ වෙන්න කලින් ඡන්දෙ තියල අවසන් කරන්න වෙනවා.“

“එතකොට අවුරුදු දෙකහමාරක් ඉතුරු වෙලා තියෙනවා.  ඒ කාලය තුළ පරිණත ප්‍රායෝගික ජනතාවාදී ජනතාවට ආදරේ කරන දේශපාලනඥයන්ගෙන් ආර්ථික විශේෂඥයන්ගෙන් සමාජ විශේෂඥයන්ගෙන් ජනතාවගෙන් උපදෙස් අරගෙන රට ඉදිරියට ගෙන ගෙන යන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි කියලා බලාපොරොත්තු වෙනවා“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“එහෙම නැති වුනොත් රටක් හැටියට අපි වැටිලා තියෙන ප්‍රපාතයෙන් කවදාවත් ගොඩ වෙන්න බැරි අන්තිම අනන්තයට වැටෙයි කියන එක තමයි කියන්න තියෙන්නේ.

Exit mobile version