ආණ්ඩුව ග්‍රාම නිලධාරීන් අන්දවූ ඇන්දවිල්ල තේරෙන්නේ දැන් යයි විපක්ෂ නායක සජිත් කියයි

Sajith Premadasa

විරුද්ධ පක්ෂයේ සිටින විට ග්‍රාම නිලධාරීන් වෙනුවෙන් වෙනුවෙන් කතා කරන මැති ඇමතිවරුන්ට බලය ලැබුණු පසු එම පොරොන්දු මතක නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව අමතමින් පැවසීය. දීර්ඝ කාලයක් පුරා සිදුවෙන දේශපාලන ඇන්දවිල්ලෙන් ග්‍රාම නිලධාරීන් සේම රටේ ජනතාව ද බේරා ගන්න යැයි විපක්ෂ නායකවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

විපක්ෂ නායකවරයා 27/2 යටතේ විශේෂ වරප්‍රසාද ප්‍රශ්නයක් නඟමින් රට පුරා ග්‍රාම නිළධාරීන් මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කළේය. ග්‍රාම නිළධාරීන් සඳහා සේවා ව්‍යවස්ථාවක් ස්ථාපිත කරන ලෙස ඉල්ලා දීර්ඝ කාලයක් ගෙවී ගොස් ඇති අතර මින් පෙර ඒ සම්බන්ධයෙන් විමසද්දී එම නව ව්‍යවස්ථාවට අනුමැතිය හිමි වී එය වැටුප් කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති බවත් විෂය භාර අමාත්‍යවරයා සඳහන් කළත් සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිළධාරී හා ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිළධාරී සංගමය පවසන්නේ මෙතෙක් එය ක්‍රියාත්මක නොවුණු බවයි.

සීඝ්‍රයෙන් ඉහළ යන ඉන්ධන මිල සමඟ ග්‍රාම නිළධාරීන්ට ක්ෂේත්‍ර ගමන් වියදම් ද අධික වී ඇති අතර දීමනා ප්‍රමාණවත් කරනනේ ද? ග්‍රාම නිළධාරීන් ව්‍යවස්ථාවේ වත්මන තත්ත්වය කෙසේද යනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විදුලි බිල වැඩි කිරීම ජනතාවට දරා ගත නොහැකි තත්ත්වයකට පැමිණ ඇති බවත් රටම දුෂ්කර තත්ත්වයක තිබෙන මොහොතක ජනතාවගේ කරපිට පැටවෙන දරිද්‍රතාවය, අසහනය හා පීඩනයට විසඳුමක් සොයන ලෙසත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටියේය.


Exit mobile version