ආණ්ඩුවේ වාහන තවමත් අවභාවිත කරන අපේක්ෂයින් තිදෙනා මෙන්න..

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රජයේ වාහන ආපසු භාර නොදී මැතිවරණ කටයුතුවලට භා‍විත කරමින් සිටි හිටපු අමාත්‍යවරුන්ගෙන් දෙදෙනකු පමණක් වාහන භාර දී ඇති අතර සෙසු තිදෙනා ළඟ පවතින වාහන ආපසු භාර ගැනීමට අදාල කටයුතු සිදු කරන ලෙස ඔවුන් පදිංචි ප්‍රදේශ භාර පොලිස් ප්‍රධානීන්ට මේ වනවිට පොලිස් මූලස්ථානය විසින් උපදෙස් දෙනු ලැබ ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරඟ කරන පොළොන්නරුවේ රොෂාන් රණසිංහ, පුත්තලම දිස්ත්‍රික්කයේ සනත් නිශාන්ත සහ අරුන්දික ප්‍රනාන්දු මෙසේ එම වාහන තවම භාවිත කරති.

කෙසේ වුවද මෙම වාහන අවභාවිත චෝදනාවට ලක් වූ ගාල්ලේ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහනුවර කෙහෙළිය රඹුක්වැල්ල යන අපේක්ෂකයින් මෙම පොලිස් විමර්ශණ ආරම්භ වීමෙන් පසුව තම වාහන භාර දී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහවැලි සංවර්ධන අමාත්‍යංශයට අයත් වාහන දෙකක්ද සනත් නිශාන්ත ධීවර අමාත්‍යංශයට අයත් එක් වාහනයක් සහ අරුන්දික ප්‍රනානදු සංචාරක අමාතයංශයට අයත් එක් වාහනයක් මෙසේ තවමත් පරිහරණය කරති.

Exit mobile version