ආණ්ඩුවේ රස පරීක්ෂක වාර්තා තැපැලේදී නැති වීම ගැන පරීක්ෂණ කරන්න ඉල්ලීමක්!

ලලිත් චාමින්ද

ලියාපදිංචි තැපෑලෙන්  අදාල උසාවිය වෙත යොමු කරනු ලබන  ආණ්ඩුවේ රස පරික්ෂකගේ වාර්තා  ලියාපදිංචි තැපෑලේ දි නැති වීම සම්බන්දයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බවට  යුක්තිගරුක හා නිතිගරුක සමාජයක් පිළිබඳ  ආංශික අධික්ෂණ කාරක සභාව විසින් පාර්ලිමෙන්තුවට  ඉදිරිපත්කොට ඇති වාර්තාවේ සඳහන් වේ.

ආණ්ඩුවේ රස පරික්ෂකගේ වාර්තා ලියාපදිංචි තැපෑලෙන් ආදල උසාවි වෙත යොමුකරනු ලබයි. එසේ යොමුකරනු ලබන බොහෝ වාර්තා  නැවත ඉදිරිපත් කරක ලෙස උසාවි මගින් ඉල්ලා සිටින අතර  එම වාර්තා නොලැබුනු බවට උසාවි මගින් හේතු වශයෙන් සඳහන් කරන බවද මෙම වාර්තාවේ සඳහන් වේ. එම නිසා  මේ සම්බන්දයෙන් විධිමත් පරික්ෂණයක් කිරීම සුදුසු  බවට කමිටුව විසින්   නිරික්ෂණය කොට තිබුණි. රස පරක්ෂක  වාර්තා නැවත ලබා දීම සදහා  යම් කාලයක් ගත වන බැවින්  අදාල නඩු කටයුතු ප්‍රමාදවන අතර  ඉන් අගතියට පත් පාර්ශවයන්ට බලවත් අසාධාරණයක් වන බවද   ආංශික කමිටුව විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තාවේ සඳහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අආණ්ඩුවේ රස පරික්ෂකගේ වාර්තා ප්‍රමාද වීම සඳහා රසායනික ද්‍රව්‍ය, අනිකුත් ද්‍රව්‍ය, මෙන්ම යන්ත්‍රසූත්‍ර හා අමතර කොටස්වල හිඟතාවයක් පවතින බවට මෙකි වාර්තාවේ සඳහන් වේ.  එමෙන්ම රස පරික්ෂක දේපාර්තමේන්තුවේ තනතුරු 113ක් පුරප්පාඩුව පවතින අතර  එම තනතුරු 25ක් විද්‍යාත්මක සේවයේ බවත් රස පරික්ෂකගේ වාර්තා ප්‍රමාද වීම සඳහා මෙම තත්වයද හේතු වී ඇත. එමෙන්ම ඇතැම් පොලිස් නිලධාරින් විසින් නීතියට පටහැනිව සිදුකරනු ලබන අත්තනෝමතික ක්‍රියාකලාප හේතුවෙන්  බන්ධනාගාර, අධිකරණ, ආණ්ඩුවේ රස පරික්ෂක යන ආයතනවල නිලධාරින් මෙන්ම  සමාන්‍ය මහජනතාවද බලවත්  අසාධාරණයට ලක්වන බවද මෙම කමිටුව මගින් ඉදිරිපත්කොට ඇති වාර්තාවේ සඳහන් වේ. ආණ්ඩුවේ රස පරික්ෂක  දේපාර්තමේන්තුව විසින්  නිකුත් කරනු ලබන වාර්තා ප්‍රමාද වීම සම්බන්දයෙන් මෙම වාර්තාව නිකුත්කොට තිබුණි.

Exit mobile version