ආණ්ඩුවේ මැති ඇමතිවරු සහිත 22ක් ස්වාධීනවන ලකුණු!

parliament of sri lanka

නව සන්ධාන ආණ්ඩුවක්   පිහිටුවීම සඳහා මෙතෙක් පැවති අදහස ක්‍රියාත්මක කිරීම වෙනුවෙන්  කැබිනට් ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු , රාජ්‍ය ඇමතිවරු, සහ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත සාමාජිකයන් 22ක කණ්ඩායමක් ආණ්ඩුපක්ෂයෙන් ස්වාධීන වීමට සාකච්ඡා පවත්වමින් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.

කිසිවකට ඇහුම්කන් නොදෙන, අදහස් නොවිමසන ආණ්ඩුවේ මුරණ්ඩු පිළිවෙත හමුවේ දැඩි ලෙස කලකිරී සිටින බව පැවසෙන මෙම පිරිසට පොහොට්ටුවේ සාමාජිකයන් පිරිසක් ද ඇතුළත් බව වාර්තා වේ.

මෙම කණ්ඩායම  ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ  හැසිරෙන ආකාරය සම්බන්ධව තවම නිශ්චිත තීරණයක් නැති බව පැවසේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිරිස් මේ වනවිට  විපක්ෂයේ පක්ෂ සමගත් වෙන වෙනම සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද  දැනගන්නට ඇත.

Exit mobile version