ආණ්ඩුවෙන් අයින්වෙන්න කියලා පාක්ෂිකයන් කියන්නෙ නෑ… මෛත්‍රී ගාල්ලේ දී කියයි…

ලලිත් චාමින්ද –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බිම් මට්ටමේ පාක්ෂිකයන් තමන්ට ආණ්ඩුවෙන් ඉවත්වන ලෙස කියා නැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (29) ගාල්ලට පැමිණ කිවේය. පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට ඔවුන් උනන්දුවෙන් සහය දෙන නමුත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීම ඔවුන්ගේ අභිලාෂය නොවන බව ද හෙතෙම පෙන්වා දුන්නේය. ගාල්ල දිස්ත්‍රික් ශ්‍රි.ල.නි.ප සමුළුවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු එසේ කීවේය.‍

“අපේ ප්‍රතිපත්ති මත සකස් කරගනු ලබන සැලසුම් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපිට වැඩපිළිවෙළක් තියෙනවා. අපි අපේ අදහස් වරින්වර රජයට ඉදිරිපත් කරලා තියෙනවා. රජය සමග අප සිටිනවා වගේම රජයට අවශ්‍ය සහයෝගය ලබාදෙනවා. කවුද ආණ්ඩු කරන්නේ මොන පක්ෂයද ආණ්ඩුකරන්නේ කියන ප්‍රශ්නය අපට නැහැ. රට හා ජනතාව පිළිබද තමයි අපිට වගකීම තියෙන්නේ. ඒ වෙනුවෙන් අපේ සහයෝගය ලබාදෙනවා“

“ගම්වල පාක්ෂිකයින් ලොකු උනන්දුවකින් කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්න සංවිධානය කරන්න කියලා. ආණ්ඩුවෙන් අයින් වෙනවාද වෙනම ඉල්ලනවාද කියන කාරණයක් ඔවුන් අපට මතු කරලා නැහැ. මූලික වශයෙන් හැම කෙනාම කියන්න පක්ෂය ශක්තිමත් කරන්න කියලා. පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ සඳහා මම සෑම දිස්ත්‍රික්කයකටම මන්ත්‍රි කණ්ඩායමත් එක්ක යනවා. “

“රටේ පවතින විවිධ ප්‍රශ්න හා අපේ පක්ෂය හා රජය අතර ඇතිකරගෙන තියෙන එකඟතාවයන්වල අඩුපාඩු නිවැරදි කරගැනීම සදහා තමයි අප පසුගිය දා ජනාධිපතිතුමා හමුවුනේ.“

හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් එසේ ද පැවසුවේය.

Exit mobile version