ආණ්ඩුවට හිතවත් ජනාධිපති නීතීඥවරුත් ජනාධිපතිගේ කොමිසම ගැන අසතුටෙන්

දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශණය කිරීම සඳහා පත් කර ලද ජනාධිපති කොමිසමේ නිර්දේශ ලෙස පසුගියදා අනාවරණය වුණු ඇතැම් කරුණු මෙරට නීතියට සහ යුක්තියට හෑල්ලුවට ලක් කරන බවත් මෙමගින් රටේ අධිකරණයේ ස්වාධිනත්වය සේම නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතුවල සමබර භාවයට සහ කාර්යක්ෂම භාවයට තර්ජනයක් විය හැකි බව මෙරට ප්‍රමුඛතම පෙළේ ජනාධිපති නීතීඥවරුන් 11 දෙනෙක් පෙන්වා දෙති.

ශ්‍රි ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපතිවරුන් දෙනෙකු මෙන්ම පසුගිය කාලයේ මෙම රජයට සහ ජනාධිපතිවරයාට මහය පළකරමින් ක්‍රියා කළ නීතීඥවරුන් කිහිප දෙනකුද මෙම ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥවරුන් අතර සිටීම විශේෂත්වයක් බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ජනාධිපති නීතීඥවරුන් මෙම ඉහත කරුණු පෙන්වා දී ඇත්තේ තමන්ට නිල නොවන ආකාරයෙන් ලද නිර්දේශ පිටපත්වලින් බව සඳහන් කරන අතර ඔවුන් ලිපියක් මඟින් ශ්‍රි ලංකා නීතීඥ සංගමයේ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින්නේ සංගමයක් ලෙස මෙම සම්පූර්ණ කොමිෂන් සභා වාර්තාවේ සහතික කරන ලද පිටපතක් ජනාධිපති ලේකම්වරයා ගෙන් නීතිඥ සංගමයට ලබා ගන්නා ලෙසය.


මෙසේ පිටපත ලබා ගැනීමට උනන්දුව දක්වා ඇති මෙම ජනාධිපති නීතීඥවරුන් අතර වර්තමාන නීතීඥ සංගම් සභාපති කාලිංග ඉන්දතිස්ස මහතා මෙන්ම පසුගියදා නිලවරණයෙන් සභාපති ලෙස තේරුණු ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතාද වෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එයට අමතරව ජනාධිපති නීතීඥවරුන් වන රොමේෂ් ද සිල්වා,විජේදාස රාජපක්ෂ , යූ ආර් ද සිල්වා, කේ කනග් ඊස්වරන්, ෆයිස් මුස්තාෆා, උපාලි ඒ ගුණරත්න, ජෙෆ්රි අගලරත්නම්, උපුල් ජයසූරිය සහ ඉක්රම් මොහොමඩ් යන මහත්වරු මෙම ලිපියට අත්සන් තබා ඇත.

Exit mobile version