ආණ්ඩුවටට ගැති නිලධාරීන්ට උසස් වීම් නිර්දේශ නිසා පොලිසිය කැලඹෙයි…

පළිගැනීම්වලට ලක්ව ඇත්තේ කීපදෙනෙක් පමණයි... පොලිස් ආරංචි මාර්ග කියයි...

දේශපාලන පළිගැනීම් පිළිබඳව සෙවීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරන ලද කමිටුව හරහා ආණ්ඩුවට හිතවත් පොලිස් නිලධාරීන් රැසකට උසස් වීම් නිර්දේශ කිරීම හේතුවෙන් පොලිසියේ නිලධාරීන් අතර විශාල කැලඹීමක් ඇතිව තිබෙන බව පොලිස් ආරංචි මාර්ග ලංකාසරට ප්‍රකාශ කරයි.

මේ පිළිබඳව අප වෙත අදහස් දැකවූ පොලිස් නිලධාරියකු සඳහන් කළේ මෙම නිර්දේශවලට අනුව උසස් වීම් ලබා දුනහොත් දේශපාලන හිතවතුන්වන නිලධාරීන් නියමිත ක්‍රමවේදයට අනුව උසස්වීම් ලද නිලධාරීන් අභිබවමින් ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළට පැමිණෙන බවය.  එම තත්ත්වය හරහා බොහෝ නිලධාරීන්ට අසාධාරණක් වන බවය.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව පත් කරන ලද මෙම දේශපාලන පලිගැනීම් පිළිබඳව සෙවීමේ කමිටුවට රාජ්‍ය නිලධාරීන් ගණනාවක් පැමිණිලි ඉදිරිපත් කළ අතර එම පැමිණිලි පිළිබඳව සොයා බැලීමෙන් පසුව සිදු කරන ලද නිර්දේශවලට අනුව මෙසේ උසස් වීම් ලබා දී ඇත. මෙම උසස් වීම් නිර්දේශ ඊයේ (20) දිනයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට සූදානමක් තිබුණද එය සිදුව නැති අතර ඊළඟ සතියේ කැබිනට් අනුමැතිය ලබා නීතිපතිවරයාගේ නිර්දේශවලින් අනතුරුව මෙම උසස් වීම් පාර්ලිමේන්තුව හරහා සම්මත කිරීමට නියමිත බව එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 මෙම උසස් වීම් සඳහා නිර්දේශ ලැබී ඇති නිලධාරීන් කිහිප දෙනකු සැබෑවට දේශපාලනික වශයෙන් අසාධාරණකම්වලට ලක් වුවද බහුතරයත් ආණ්ඩුවේ දේශපාලකයන්ට හිතවත්කම් දක්වන පොලිසිය තුළ කිසිදු නිපුණතාවක් පෙන්නුම නොකළ නිලධාරීන් බවද මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

Exit mobile version