අළු ගසා නැගිටින ජර්මිනියේ ගල් අඟුරු බලාගාර

යුක්‍රේන යුද ගැටුම් හේතුවෙන් ජර්මනිය මේ වන විට මුහුණ දී ඇති දරුණු බලශක්ති අර්බුදයට පිළිමයක් වශයෙන් එරට රජය විසින් භාවිතයෙන් ඉවත්කර තිබූ ගල් අඟුරු බලාගාර යලිත් භාවිතයට ගැනීමට තීරණය කර තිබේ.

ඒ අනුව ජර්මන් රජය විසින් ගල් අඟුරු බලාගාර 21 මෙලෙස භාවිතයට ගැනීමට තීරණය කර ඇති බවට වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කරයි.

මෙලසෙ ගල් ඇඟුරු භාවිතයට ගැනීම ඉදිරි ශීත සෘත දෙක දක්කවා ක්‍රියාත්මක කිරීමට නියමිත බවද එම පුවත්වත සඳහන් කරයි. මේ අතර ප්‍රංශය, ඉතාලිය, ඔස්ට්‍රියාව සහ නෙදර්ලන්තයද සිය ගල් අඟුරු බලාගාර යලි භාවිතයට ගැනීමට තීරණය කර තිබේ.

යුරෝපය විසින් මෙලෙස යලිත් ගල් අඟුරු බලාගාර භාවිතයට ගැනීමට තීරණය කර ඇත්තේ රුසියාවෙන් යුරෝපා කලාපය ලබාගන්න ගෑස් ඇතුළු ඉන්ධන අවම කිරීමට සඳහායි.


ඒ අනුව ජර්මනිය ඇතුළු යුරෝපයේ ප්‍රබල ආර්ථිකයන් විසින් දකුණු අප්‍රිකාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් සිය ගල් අඟුරු අවශ්‍යතා සපුරා ගැනීමට අවධානය යොමුකර තිබේ.

කෙසේ වෙතත් මෙලෙස යුරෝපයට ගල් අඟුරු සපයනු ලබන රටවල්ද සිය රටවල් තුලද ගල් අඟුරු භාවිතා කිරීම සැලකිය යුතු මට්ටමින් පහළදාමා තිබීම විශේෂත්වයකි.

ජර්මන් රජය විසින් ගන්නා ලද මෙම තීරණය හේතුවෙන් එරට විසින් මීට පෙර තබා තිබූ කාලගුණික විපර්යාස පිටුදැකීමේ ඉලක්ක ඉටු කරගැනීමට නොහැකි වන තත්ත්වයකට පත්ව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම වර්තමාන ජර්මානු සන්ධාන ආණ්ඩුවේ ප්‍රබල සමාජිකයෙකු වන හිරිත පක්ෂය එරට තුල පුනර්ජනනීය බලශක්තිය ප්‍රචලිත කිරීමට විශාල දායකත්වය ලබාදුන්නද උදගතවී ඇති තත්ත්වය මත තාවකාලිව ගල් අඟුරු බලාගාර භාවිතයට සහය පලකරතිබීමට විශේෂත්වයකි.

Exit mobile version