අහුන්ගල්ල කටුවිල මුළු කොවිඩ් ආසාදිතයන් ගණන 30ක් දක්වා වැඩි වේ…

ජයකාන්ත ලියනගේ – බළපිටිය-

අහුන්ගල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසය තුළ කටුවිල කොරෝනා පොකුරෙන් මේ වන විට කොරෝනා වෛරසය අසාදිත රෝගීන් තිස් දෙනෙකු (30) හඳුනාගෙන තිබෙන බව අහුන්ගල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක චින්තක සේනාධිරත්න අද ලංකාසරට (01) ප්‍රකාශ කළේය.

අහුන්ගල්ල කටුවිල ප්‍රදේශයේ මළ ගෙදරකට නැව් තටාකාංගයේ සේවය කරන කොරෝනා ආසාදිතයකු බව කියන අයකු සහභාගිවීමෙන් මෙම රෝගය අහුන්ගල්ල ප්‍රදේශයට ව්‍යාප්ත වී තිබේ. එම කොරෝනා රෝගියාගේ බිරියටත්, මවටත්, පියාටත් පළමුවෙන් රෝගය ආසාදනය වී තිබූ අතර පසුගිය 24 දින වන විට ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් 24 දෙනෙකුට කොරෝනා රෝගය අසාදනය වී තිබූ බව බළපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

පසුගිය විසි තුන් වෙනි දින අහුන්ගල්ල, කටුවිල ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් පීසීආර් පරීක්ෂණ හත්සියයකට (700) අධික ප්‍රමාණයක් බළපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් කර තිබෙන අතර ඒවායේ ප්‍රතිඵල අනුව මෙම කොරෝනා රෝගීන් හඳුනා ගෙන තිබේ.


අහුන්ගල්ල, කටුවිල මල ගෙදරට පැමිණි කොරෝනා අසාදිත පුද්ගලයා අහුන්ගල්ල නගරයේ පිහිටි ආයුර්වේද බෙහෙත් ශාලාවකින් ප්‍රතිකාර ලබා ගෙන තිබෙන අතර ඔහුට ප්‍රතිකාර කරන ලද වෛද්‍යවරියට සහ ඇයගේ පුරුෂයාටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු විය. කොරෝනා අසාධිතයා ප්‍රතිකාර සදහා පැමිණි පසුගිය 13 වෙනි දිනෙන් පසු මෙම ආයුර්වේද මධ්‍යස්ථානයෙන් එකසිය හැට දෙනෙකු ප්‍රතිකාර ලබා ගෙන තිබේ. මේ දිනවල ඊට අදාල ආශ්‍රිතයින් සොයමින් පවතින අතර එම නිවාස බොහොමයක් ස්වයං නිරෝධානයට ලක් කර තිබේ. ඉදිරියේදී ඒ අයගේද පීසීආර් පරීක්ෂණ සිදුකරන බවද බළපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

කොස්ගොඩ පොලීසියේ නිලධාරයකුද මෙම ආයුර්වේද මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගැනීම හේතුවෙන් පසුගිය 25 දින එම පොලිස් ස්ථානය තාවකාලිකව වසාදමා එහි නිලධාරින් හතළිස් නව දෙනෙකු නිරෝධායනය කිරීමටද ඇල්පිටිය ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පියවර ගෙන තිබුණි. පොලීසිය සම්පූර්ණයෙන්ම විෂබීර හරණයට ලක් කිරීමෙන් පසු ඇල්පිටිය කොට්ඨාශයේ වෙනත් පොලිස් ස්ථාන වලින් නිලධාරීන් අනුයුක්ත කර කොස්ගොඩ පොලීසියේ සේවාවන් ඊට පසුදින (26) නැවත පවත්වා ගෙන යෑමට කටයුතු කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ හේතුවෙන් කොස්ගොඩ පොලිස් ස්ථානයේ සේවය කල පොලිස් නිලධාරින් අට (08) දෙනෙකු හබරාදුව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර අනෙකුත් පොලිස් නිලධාරීන් ඔවුන්ගේ නිවෙස්වලම ස්වයං නිරෝධායනය සඳහා යොමු කල බව ඇල්පිටිය ජේෂ්ඨ පොලිස් නිලධාරී කාර්යාලය කියයි.




Exit mobile version