අහසට වෙඩි තැබූ නීතීඥයෙක් පානදුරේදී අත්අඩංගුවට !

A silhouette of a man lifting a hand holding a gun on landscape background

පුද්ගල කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකදී සිය ගිනි අවියෙන් වෙඩි තැබීමක් සිදු කළ බව කියන නිතීඥවරයකු සහ තවත් කාන්තාවන් දෙදෙනකු  පානදුර දකුණ පොලිසිය විසින් ඊයේ (30) රාත්‍රී  අත්අඩංගුවට ගනු ලැබ ඇත. පානදුර   සිල්වන් පටුමගේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇත අතර මෙම සිදුවීම හෙතුවෙන් අත්ඩංගුවට පත්ව ඇත්තේ අලුත්කඩේ උසාවියට සම්බන්ධව රාජකාරී කරන ගයාන් සියඹලාපිටිය නැමැති නීතීඥවරයෙකි.

අදාළ  නීතිඥවරයා ට හිතවත් හිතවත් කාන්තාවක විසින් පානදුර සිල්වන් පටුමගේ පදිංචි  පුද්ගලයකුට ලබා දී ඇති රුපියල්ණ ලක්යෂ 35ක  මුදලක් ආපසු නොගෙවීම හේතුවෙන් එය ගෙවන ලෙස ඉල්ලීමට  ණය දුන් කාන්තාව තවත් කාන්තාවක් නීතිඥවරයා සමග පැමිණ ඇත. එහිදී ඇති වූ  කතාබහ දුරදිග යාමෙන් ගැටුම්කාරී තත්වයක් නිර්මාණය වී ඇති අතර නිවෙස් හිමියා මොවුන්ට පහර දීමට ත්‍රිෙරා්ද රියකින් තවත් කණඩායමක් ගෙන්වා ඇති බවද වාර්තා වේ.   එම අවස්ථාවේදී නීතිඥවරයාට පහර දීමට කෙරුණු උත්සාහයේදී   ඔහු සගවාගෙන සිටී මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියකින්  අහසට වෙඩිතබා ඇති බවට පරීක්ෂණ වලදී තහවුරුව ඇති බව  පොලිසිය පවසයි.

මෙම සිදුවීම මත නීතීඥවරයා සහ පැමිණි තවත් කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර  වෙඩිතැබීමට යොදාගත් බලපත්‍ර සහිත මිලි මීටර  9  පිස්තෝලය සහ ඔවුන් පැමිණි සුඛෝපභෝගී ජීප් රථයද පොලිස් භාරයට ගෙන ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැකකරුවන් අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය   .

Exit mobile version