අසාද් සාලි අත් අඩංගුවට ගන්නේ පාස්කු ප්‍රහාරයට ඇති සම්බන්ධය නිසා…

මහජන ආරක්ෂක ඇමති අචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර කියයි

අසාද් සාලි අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ඉරුදින එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර අද (17)  කොලොන්නාව ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය..

අසාද් සාලි හිටපු ආණ්ඩුකාරවරයා පාස්කු ප්‍රහාරයට සමබන්ධයක් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය. මාවනැල්ලේ සිදු වූ බුදු පිලිම හානි කිරීම ඇතුලු සිදුවීම්වලට ඔහු ඍජු සහ වක්‍ර ලෙස සම්බන්ධ නිසා ඔහු අත්අඩංගුවට ගත් බවත් ඔහු සම්බන්ධ පරීක්ෂණ දිගටම පවත්වාගෙන යන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

රටේ පවතින නීතියට තමන් අවනත නැති බවත්, ෂරියා නීතිය ඔහුගේ නීතිය බවටත් කළ ප්‍රකාශ ආගමික අන්තවාදය දක්වා නැවතත් ගමන් කරන බව කී ඇමතිවරයා මේ ප්‍රකාශයත් ඔහු අත් අඩංගුවට ගැනීමට එක් හේතුවක් බව පෙන්වා දුන්නේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහජන ආරක්ෂක ඇමතිවරයා කීවේ  නීතිපතිවරයාගේ උපදෙස් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට රැඳවුම් නියෝග ලබාගෙන ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බවත්ය දැනට තිබෙන කරුණු අනුව ඔහුට එල්ලවී තිබෙන චෝදනා වලට ඔහුගේ සම්බන්ධයක් ඇති බව පෙනෙන්න්  යැයි  ද ඇමතිවරයා කීවේය.

Exit mobile version