අසනීප වූ දයාසිරිට පාර්ලිමේන්තුවෙන් තෑග්ගක්

රාජ්‍ය අමාත්‍ය ගරු දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා – දකුණු කොරියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ලෙස ඒකමතිකව තේරී පත්ව තිබේ. එහි ලේකම් ධූරය සඳහා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාද පත්වී ඇත්තේ ඒකමතිකවය.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාගර කාරියාවසම්,. ඒ. අරවින්ද් කුමාර් සහ සුජිත් සංජය පෙරේරා යන මහත්වරුන්  එම සංගමයේ උප සභාපතිවරුන් ලෙස පත් කොට තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අමරකීර්ති අතුකෝරල සහ ජේ. සී. අලවතුවල යන මහත්වරු මෙම සංගමයේ පිළිවෙලින් සහකාර ලේකම් සහ භාණ්ඩාගාරික ලෙස පත් කෙරිනි.

මෙම පත්වීම් සිදු කරන ලද්දේ  කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පාර්ලිමේන්තුවේදී පැවති ශ්‍රී ලංකා – දකුණු කොරියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ රැස්වීමේදීයි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග් මහතා සහ කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සහභාගී වූහ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අගමැති ගරු මහින්ද රාජපක්ෂ, කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන සහ  විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපති වුන්ජින් ජියොන්ග් යන මහත්වරුන් මෙම සංගමයේ අනුශාසකවරුන් ලෙස කටයුතු කරනු ඇත.

Exit mobile version