අවුරුදු 74 දී සාමාන්‍යපෙළ ලියන චන්ද්‍රදාස සීයා කියන කතාව…

1970 දි මුල්ම වරට එස්.එස්.සී ලියලා සම්මාන 07ක් ගත්තා... දේශපාලන බලපෑම් නිසා රස්සාවකට යන්න බැරිවුනා.... එදත් එහෙමයි....

ලලිත් චාමින්ද –

මෙවර  අ.පො.ස සාපෙළ ලියන සීයා ගැන රටේම අවධානයට ලක් වුනේය.  සීයා මෙවර සාමාන්‍යපෙළ  විභාගයේ විද්‍යාව හා ගණිතය යන විෂයන් සදහා පෙනී ඉන්නේනේ ය. සීයාගේ වසස අවුරුදු   74 කි.  නෙළුව    කළුබෝවිටියන  ප්‍රදේශයේ පදිංචි ඔහු චන්ද්‍රදාස  ගොඩගේය.     චන්ද්‍රදාස සීයා විද්‍යා විෂය සදහා ඊයේ (28) පෙනී සිටියේය.  ඒ   නෙළුව ජාතික පාසලේ  විභාග මධ්‍යස්ථානයේ දි ය.   

චන්ද්‍රදාස  සීයා ගණිතය විෂය සදහා  හෙට  (30) විභාගයට පෙනි සිටිමට සුදානමින් සිටින්නේය.  පසුගිය වර්ෂයේ පැවති අ.පො.ස සාපෙළ  විභාගයේත් විද්‍යා විෂය සදහා ඔහු පෙනි සිටියේය.    එම විෂය සදහා සාමාන්‍ය සාමාර්ථයක් ලබාගත්තේය. එහෙත් ඔහුගේ හිතට මදිය. මේ වර විද්‍යාව හා ගණිතය විෂයයන් සඳහා පෙනී ඉන්නේ ඒ නිසාය.  

අපි මේ අපූරු මිනිසාව මුණගැසුනෙමු. සාමාන්‍යපෙළට පෙනී සිටීමේ ඔහුගේ අභිලාෂයන් ගැන ඔහු අපට කීවේ මෙවැනි කතාවකි.   

“මට දැන් වයස අවුරුදු 74ක් වෙනවා. 1970 වර්ෂයේ දි තමයි මුල්වරට එස්.එස්.සී  විභාගයට පෙනි සිටියේ. කලා අංශයන් තමයි විභාගයට පෙනි සිටියේ. අලපලාදෙණිය මහා විද්‍යාලයේ තමයි ඉගෙන ගත්තේ.  එම විභාගයෙන් විෂයන් හතයි සම්මාන හතරක් ලබා ගත්තා. “


“නමුත් ඒකාලයේ දේශපාලන බලපැම් නිසා  විභාගය සමත්වුවත් රැකියාවක් ලබාගන්න බැරිවුනා. මම විභාගවලට පෙන සිටින්නේ ආත්ම තෘප්තියට. විනෝදයට.  විභාගයක් තියෙනවානම් මට ඉල්ලුම්කරන්න හිතෙනවා. පොත්පත් කියවලා තමයි දැනුම ලබාගන්නේ.

“විද්‍යාව විෂය පිළිබඳ මට සාමාන්‍ය දැනුමක් තියෙනවා. මෙවර විද්‍යා ප්‍රශ්න පත්‍රය ගිය වසරට වඩා  අමාරුයි. ඉගෙන ගැනීම විභාගයකට පෙනීසිටම වයසකට සීමාකරන්න බැහැ. මිය යනතුරු ඉගෙනගන්න ඕන. ඉගෙන ගැනිමට දේවල් තියෙනවා. “

“දැන් විභාගවල විෂය නිර්දේශයන් වෙනස්වෙලා. නවිකරණය වෙලා. නවිකරණය වු අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ. ඒ කාලයේ වගේ නෙමෙයි. දැන් අධ්‍යාපන කටයුතු කරගෙන යන්න පාසල් දරු දැරියන්ට ඕන තරම් පහසුකම් තියෙනවා.. අපිට ඒ කාලයේ කිසිදු පහසුකමක් තිබුණේ නැහැ. දැන් උපකාරක පංති තියෙනවා. මාධ්‍ය මගින් ඉගෙන්විමේ කටයුතු කරනවා. පුවත්පත් මගින් ඉගෙන ගන්න පුළුවන්.  අධ්‍යාපනයෙන් උපරිම ප්‍රථිපල ගන්න කියලා පාසල් දරු දැරියන්ගෙන් ඉල්ලා  සිටිනවා “ 

තිබූ තැනක සොර සතුරන් ගත    නොහෙනා

එසැඩ මනා වත් වතුරෙන් වල     නොහෙනා

කෝප වුවත් රජ මැතිඳුන් ගත     නොහෙනා

උගත මනා ශිල්පයමයි මතු            රැකෙනා

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චන්ද්‍රදාස ගොඩගේ සීයා ඉගෙනිමේ ඇති වැදගත්කම  ලෝවැඩ සඟරාවේ කවියකින් යළිත් සිහිගන්වමින්    අපිට සමුදුන්නේය.

Exit mobile version