අවුරුදු 110ක වියැති ආච්චි පිළිස්සී මියගිහින්

ලලිත් චාමින්ද

නිදි පැදුරේදි කුප්පි ලාම්පුව පෙරලිමෙන් බරපතල පිළිස්සුම් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි වයස අවුරුදු 110ක් වු එක් දරුමවක් මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවති හදිසි මරණ පරික්ෂණයේ සාක්ෂි විභාගයකදි අනාවරණය විය.

මියගොස් ඇත්තේ මල්ගමගේ ඇලන්සිනා (110) නැමති වෙලේකොරටුව තල්පේ පදිංචි එක් දරුමවකි. මියගිය තැනැත්තියගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක මහේෂ් ධර්මරත්න මහතා විසින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකරණු ලැබිය.


එහිදි මියගිය මවගේ දියණිය වන කොළඹගේ කරුණාවති (69) නැමැත්තිය සාක්ෂි දෙමින් මෙසේ කිවාය.

“මියගොස් ඇත්තේ මගේ මව . මියගිය අම්මා තනිවම ජිවත්වුනා. අම්මා මිය යන තෙක්ම තමන්ගේ වැඩ තමන්විසින්ම කරගත්තා. ඇයට කිසිදු අසනිපයක් තිබුණේ නැහැ. අම්මා පදිංචිවෙලා හිටියේ අපේ නිවස කිට්ටුව නිසා මම ඇය බලන්න නිතර යනවා.

පසුගිය දෙසැම්බර් 08 වැනිදින ඇය නිදාගන්න ගිහින් රාත්‍රි නිදි පැදුරේදි කුප්පි ලාම්පුව පෙරලි කැගහලා තියෙනවා. අල්ලපු ගෙදර අය විසින් ගින්න නිවා දමා තියෙනවා. රාත්‍රි 12.00ට විතර තමයි මෙම සිද්ධියවුනේ. අහලපහල අයත් මට මේ බව කිවා. රාත්‍රියේ මා අම්මා ළග හිටියා. රාත්‍රි අමාරුවක් තිබුණේ නැහැ. උදේ අම්මාට අමාරුවුනා පාදයක පිටුපස පිළිස්සි තිබුනා. කරාපිටිය රෝහලට ගෙනවා. අම්මා ළග මා නතර වි සිටියා. රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි 02වැනිදින අම්මා මියගියා.”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පශ්චාත් මරණ ජේ.එස් පි පිරිස් මහතා විසින් සිදුකරණු ලැබිය. ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත්මරණ පරික්ෂකවරයා පිළිස්සුම් තුවාල නිසා ඇතිවු සංකුලතා හේතුවෙන් මරණය වි ඇති බවට තින්දු කළේය.

Exit mobile version