අවුරුදු 11කට පෙර රැකියාවකට නැඩාවට ගිය වැල්වෙට්ටිතුරේ විජේ  කැනඩා ප්‍රාන්තයක නියෝජ්‍ය ඇමතිවරයෙක් වෙයි!

Wije canada

දිනසේන රතුගමගේ –

යාපනයේ වැල්වෙට්ටිතුරේ  ගම්මානයේ ඉපිදී හැදී වැඩී අධ්‍යාපනය ලබා මීට වසර 11කට පෙර රැකියාවක් සඳහා කැනඩාවට ගිය   විජේ තනිකාසලම්   කැනඩාවේ ඔන්රියෝ ප්‍රාන්තයේ නියෝජ‍ය ගමනාගමන අමාත්‍යවරයා වශයෙන් වැඩ බාර ගෙන තිබේ.

ඔහු මීට පෙර කැනඩාවේ ඔන්රියෝ ප්‍රාන්තයේ පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කොට තිබේ

45 හැවිරිදි විජේ තනිකාසලම් මීට වසර 11 කට ඉහතදී රැකියාවක් සඳහා කැනඩාවට ගොස් කැනඩාවේ  පුරවැසිභාවය ඇති දෙමළ කාන්තාවක් සමග විවාහ වූ අයෙකි.

විජේ තනිකාසලම්ටද  කැනඩාවේ පුරවැසි භාවය ලැබීමෙන් පසු ඔහු එරෙට  ඔන්රියෝ ප්‍රාන්තයේ දේශපාලන කටයුතුවල නිරත වී තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට විජේ තනිකාසලම්ගේ  පවුලේ මුල් සාමාජිකවක් යාපනයේ වැල්වෙට්ටිතුරේ ප්‍රදේශයේ නොමැති අතර වැඩි පිරිසක් කැනඩාවට ගොස් සිටිති.

Exit mobile version