අවුරුදු 10ක් තිස්සේ හෝමාගම පොලිසිය කළ ජල හොරකම හෙළි වේ…

පාඩුව ලක්ෂ 15යි... පොලිසි දෙපාර්තමේන්තුවෙන් අය කරගන්නවා. ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියයි

පුරා වසර දහයක් තිස්සේ හෝමාගම පොලිසිය විසින් නීති විරෝධී ලෙස ජලය ලබාගත් ජල පද්ධතියක් විසන්ධි කිරීමට ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ රත්මලාන හදිසි වැටලීම් ඒකකය අද ( 07) කටයුතු කළේය.

මෙම වැටලීම කර ඇත්තේ ජලසම්පාදන මණ්ඩලයට ලද විශේෂ තොරතුරක් අනුවය. ඒ අනුව සිදු කළ වැටලීමේ දී දස වසරක් තිස්සේ හෝමාගම පොලිසිය කළ ජල හොරකම හෙළිදරවු කරගත හැකි විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ජල හොරකම පිළිබඳ නීති මගින් කටයුතු කර ඒ සඳහා මණ්ඩලයට අහිමි වූ ලක්ෂ 15කට අධික මුදල ගණනය කර පොලිස් දෙපාර්තමේන්තුවෙන් අයකරගැනීමට කටයුතු කරන බව ජලසම්පාදන හා ජලපවහන මණ්ඩල ප්‍රකාශකයෙක් පැවසීය.


 

Exit mobile version