අවුරුද්දට කෝටි 31 පාඩුවට ආණ්ඩුවට කඩේ යන ITN සුදු අලියා ගැන විගණනය කතා කරයි!

ITN මාධ්‍ය ජාලය ගිය වසරේ කෝටි 31ක් පාඩුයි…අවුරුදු 5ක් තුළ පාඩුව දෙගුණයකින් වැඩිවෙලා…

ලලිත් චාමින්ද –

ස්වාධින රුපවාහිණි මාධ්‍ය ජාලය  ඉකුත් වර්ෂයේ දි (2021)  පමණක් රුපියල්  තිස්එක් කෝටි පනස් නව ලක්ෂ හැත්තෑ හතර දහස් හාරසිය එකක (315,974,401) අලාභයක් ලබා ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

2016 වර්ෂයේ දී  ස්වාධීන රුපවාහිණි මාධ්‍ය ජාලය  රුපියල් දසකෝටි හැත්තෑ එක්ලක්ෂ අසු නව දහස් දෙසිය හැට හයක (107,189,266) අලාභයක් ලබා තිබු  අතර  වර්ෂ 05ක් තුළ මෙම  අලාභය  රුපියල් විසි කෝටියකින් පමණ වැඩි වී තිබේ.

ස්වාධින රුපවාහිණිය  ඉකුත් වර්ෂයේ දී  රුපියල්  විසිතුන් කෝටි අසුඑක් ලක්ෂ තිස්එක් දහස් තුන්සිය හතලිස් හයක පාඩුවක්  ද (238,131,346) අයි.ටි.එන් එෆ්.එම්  ගුවන්විදුලිය  රුපියල් හාරකෝටි දහතුන් ලක්ෂ විසිපන් දහස් පන්සිය විසිඑකක (41,325,521) පාඩුවක් ද ලබා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වසන්තම් එෆ්.එම් හි අලාභය  රුපියල් එක්කෝටි හතලිස්පන් ලක්ෂ පන්දහස් අටසිය පනස්දෙකකි. (10,455,852) වසන්තම් රුපවාහිණිය හාරකෝටි හැටතුන් ලක්ෂ තිස්හත්දහස් පන්සිය පහක (46,337,505) ක ප්‍රදානයක් රජය මගින් ලබාදි ඇත. එම ප්‍රදානය ලැබිමෙන් පසුවද වසන්තම් නාලිකාව රුපියල්  දෙකෝටි හැට ලක්ෂ හැටඑක් දහසස් හයසිය අසුදෙකක (26,061 ,682) ක පාඩුවක් ලබා තිබුණි. 


 

Exit mobile version