අවිස්සාවේල්ල අධිකරණයට භාර වීමට පැමිණි බූරුමූනා අධිකරණය ඉදිරියේ දී පොලිස් අත්අඩංගුවට…

පාතාලයේ සැඟවුන වෙඩික්කරුවෙක් බව සඳහන්  රවිඳු සංඛ හෙවත් බූරු මූණා අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට යමින් සිටියදී අධිකරණය ඉදිරියේ දී  පොලිිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

buru-muna
හංවැල්ල ආපන ශාලා හිමිකරු ඝාතනය…

හංවැල්ල ආපනශාලා හිමිකරු ඇතුළු  පසුගිය කාලයේ සිදුවූ ඝාතන රැසකට අවශ්‍යව සිටි බව කියන සැකකරු නීතීඥවරයකු සමඟ අධිකරණයට භාරවීමට යමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු භාර වීමට නියමිතව තිබූ අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පොලිස් මුරපොළ ඉදිරිපිටදීම පොලිසිය වාහනය නතර කර තිබිණි.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චමින්ද අතුකෝරළ මහතා අධිකරණයට දන්වා සිටියේ ඔහුගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බවත් ඔහු මරා දමනු ඇතැයි ඔවුන් බිය වන බවත්ය.


තම සේවාදායකයාට ජීවත් වීමට අයිතියක් ඇති බවත් පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත්තේ තමන් විසින්ම අධිකරණයට භාර වීමට පැමිණි අවස්ථාවේ දී බවත් නීතිඥවරයා  අධිකරණයට පැවසීය.

සැකකරු වහාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් ජනක සමරසිංහ පොලිසියට  නියෝග කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කටුනායක පොලිස් අත්අඩංගුවේ සිටිය දී සැක කටයුතු ගනුදෙනුවකින් අනතුරුව බූරුමූනා චීවර ධාරීන් දෙදෙනෙකුගේ ආධාර ඇතිව පොලිස් අත්අඩංගුවෙන් පලා ගොස් මෙතෙක් කල් සැඟවී සිටියේය.

Exit mobile version