අවලංගු කළ පාර්ලිමේන්තු රැස්වීම කථානායකට අදම තියන්න වෙයි!

mahinda

කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අද පෙවරුවේ කල් දමන ලද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ විශේෂ කාරක සභා රැස්වීම අද පස්වරු 3ට යළි පවත්වන බව කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

කථානායකවරයා මෙම තීරණය ගත්තේ එම රැස්වීම අවලංගු කොට ජනාධිපතිවරයා විසින් මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ දෙවන වර කියවීම පිළිබඳව රැස්වීමක් කැඳවීමට විපක්ෂයෙන් එල්ල වූ දැඩි විරෝධයෙන් අනතුරුවය.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත දෙවන වර කියවීම මාසයකින් කල් දැමීම පිළිබඳව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඊයේ සාකච්ඡාවලින් එකඟතාවයකට පැමිණ සිටි නමුත් ඒ පිළිබඳව ජනාධිපතිවරයා හා අගමැතිවරයා, අධිකරණ අමාත්‍යවරයාට දොස් පවරා ඇති බවත් එම පනත හෙට දිනයේ යලි පාර්ලිමේන්තුවට ගෙන මැතිවරණය කල් දැමීමේ උත්සාහයක නිරත වන බවට කරුණු දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දීර්ඝ වශයෙන් කරුණු පෙන්වා දුන් අතර සභානායක සුසිල් ප්‍රේමජයන්ත ද මෙම රැස්වීම හෙට පැවැත්විය යුතු බවට යෝජනා කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අතරතුර විවාදය මැද කථානායක මහින්ද යාපා අබේවර්ධන අද පස්වරු 3ට ඊයේ නියම කර ගත් පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම පවත්වන බවට නිවේදනය කළේය.


Exit mobile version