“අවදානම් සියලු ප්‍රදේශ ලොක්ඩවුන් කරන්න”

රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ඉල්ලයි

කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපනය කඳවුර පාදක කරගෙන නිර්මාණය වූ කොවිඩ් 19 වසංගත රෝගීන් හඳුනාගැනීම දැඩි බලපෑමක් ඇති කළ හැකි දෙවන වසංගත රැල්ල වැළක්වීම සඳහා දැනට ආසාදිතයන් බහුලව හදුනාගත් කලාප යළි අගුළු දැමීමකට එනම් Lockdown කළ යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යෝජනා මාලාවක් හරහා අද (13) ඉල්ලීමක් කර ඇත.

මෙම යෝජනා අතර රෝගී ආසාදිතයන් සමඟ සෘජුව ඇසුරු කළවුන් සොයා ඔවුන් හඳුනාගැනීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ ආරක්ෂක අංශ එක්ව යළිත් පෙර පරිදි සංවිධානාත්මක වැඩපිළිවෙළක් දියත් කිරීම, හැකි සෑම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගෙන සිදුකෙරෙන පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීම, දැනට හඳුනාගෙන ඇති විද්‍යාත්මක නිර්ණායකයන්ට අනුකූලව රට පුරාම විවිධ ස්ථානවලින් අහඹු ලෙස සාම්පල ලබා ගෙන පීසීආර් පරීක්ෂණ සිදු කිරීම, අධිඅවදානමක් සහිත ආයතන සහ පුද්ගල රැස්වීම් කොටස්වලට ඛණ්ඩනය කිරීම ප්‍රමුඛ විය යුතු බව එම යෝජනා මාලාවේ සඳහන් වේ.

තමන් මීට පෙර ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ කොවිඩ්වලින් මිදීමේ ක්‍රමෝපාය අතර ද මෙලෙස යළි ආසාදනය වීමේ අවදානම් සහිත කලාප ලොක්ඩවුන් කිරීම පිළිබඳව යෝජනාවද ඇතුළත් බව මෙම ලිපිය මගින් පෙන්වා දී තිබේ.


සීමාවන් ලිහිල් කර ඇති බැවින් පුරවැසියන් ඔවුන්ගේ එදිනෙදා කටයුතුවලට යොමුවී සිටී. එබැවින් වර්තමාන අර්බුදය පාලනය කිරීම සඳහා, පැහැදිලි, නිවැරදි හා ඒකාකාරී උපදෙස් සහ මාර්ගෝපදේශ ප්‍රකාශයට පපත්කිරීම මගින් සමාජ සබඳතා ජාලය යොදාගැනීමේ වැදගත්කම මෙමගින් අවධාරණය කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


COVID-19 වසංගතය පාලනය කිරීම සහ විනාශකාරී “දෙවන රැල්ල” වැළැක්වීම සඳහා ඉහත යෝජනා සලකා බලා ක්‍රියා කරන ලෙස එම ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Exit mobile version