අවදානම් මැද මැදපෙරදිග ඉන්න 6000ක් මෙරටට ගෙන්වීමේ ප්‍රමුඛතා ලයිස්තුවට

මැදපෙරදිග රටවල් ඇතුළු ලෝකයේ විවිධ රටවල සේවයට ගිය ශ්‍රි ලාංකිකයන් 6000ක් පමණ ඉතා අවදානාම්කාරී තත්ත්වයක පසුවන බවත් ඔවුන් හැකි ඉක්මනින් ශ්‍රි ලංකාවට ගෙන්වා ගැනීම පිළිබඳව කටයුතු කරන බවත් විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් විශ්‍රාමික අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි.

මේ වනවිට රටවල් 94කින් ශ්‍රි ලාංකිකයන් 20,000ක් පමණ මේ වනවිට ගෙන්වා ඇති අතර තවත් පනස් දහසක් පමණ ශ්‍රි ලංකාවට යළි පැමිණීමට සූදානමින් සිටින බවද සඳහන් කරන කොලඹගේ මහතා පවසන්නේ දැනට දැඩි අර්බුදකාරී තත්ත්වයේ සිටින රටවල ශ්‍රි ලාංකිකයන් ගෙන්වා ගැනීමේදී වැඩි ප්‍රමුඛතාවක් ලබා දීමට කටයුතු කරන බවය.

හයදහසක් පමණ වන මෙම පිරිස සවුදි අරාබිය, කටාර් රාජ්‍යය, ලෙබනනය, ඩුබායි, අබුඩාබි, ජෝර්දානය බහරේනය සහ මාලදිවයිනේ සිටින බවත් ඊට අමතරව මැලේසියාව, ඔස්ට්‍රේලියාව, දකුණු කොරියාව, බ්‍රිතාන්‍යය, සිංගප්පූරුව වැනි රටවල සිටින ශ්‍රි ලාංකිකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළද අඛණ්ඩව ගෙන යන බව පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගියදා යළි ආරම්භ කෙරුණු ශ්‍රි ලාංකිකන් යළි ගෙන්වීමේ වැඩපිළිවෙළට අනුව දිනපතා 600ත් 700ත් අතර පිරිසක් මෙරටට පැමිණෙන බවද ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බවද ජයනාත් කොලඹගේ මහතා තවදුරටත් අනාවරණය කරයි.

Exit mobile version