අවට ආරක්ෂාව දැඩි වේ… ගුරුකන්ද විහාරයේ ගණ දෙවි කෝවිල පොංගල් පූජාව තියයි….

දිනසේන රතුගමගේ –

මුලතිව් නායාරූ ගුරුකන්ද විහාරස්ථානයට යාබදව පිහිටි ගණදෙවි කෝවිලේ පොංගල් පූජාවක් සඳහා පැමිණි පිරිසකට 25 දා පොලීසිය හා පොලිස්  විශේෂ කාර්ය බලකාය විසින් විශේෂ ආරක්ෂාවක් සපයා දී තිබුණි.

මීට වසර දෙකකට ඉහතදී මේ කෝවිලේ පොංගල් පූජාවක් පැවැත්වීමට පැමිණි පිරිස විහාරස්ථානය සමග ආරවුලක් ඇති කරගත් අතර එම විහාරස්ථානය බෞද්ධයන්ට අයත් නොවන බවත් කෝවිල් භූමියේ විහාරස්ථානයක් ඉදිකොට ඇති බවටත් චෝදනා කරමින් විශාල ආරවුලක් ඇති කර ගත්හ.

එදා සිට මේ දක්වා ගුරුකන්ද විහාරට අයිතිවාසිකම් කියන කෝවිලේ පිරිස එම අයිතිය ඉල්ලා අධිකරණ තුනක නඩු පැවරීමක්ද සිදු කොට තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවර පොංගල් උළෙලට හින්දු බැතිමතුන් පැමිණීමත් සමගම පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය පැමිණි නිසා ඔවුන් කිසිදු කලබලකාරී ස්වරූපයක් නොමැතිව පොංගල් පවත්වා පැමිණි පිරිසට දානයද පිරිනමා ආපසු ගොස් තිබේ.

Exit mobile version