අලුත් මන්ත්‍රීට මරණීය තර්ජන

දිනසේන රතුගමගේ:

ඊ.පී.ඩී.පී. සංවිධානය නියෝජනය කරමින් මෙවර මැතිවරණයේදී වන්නි දිස්ත්‍රික්කයෙන් තේරීපත් වී සිටින කුලසිංහම් දිලීපන්ට ස්වාධීන කණ්ඩායමකින් තරග කොට පරාජය වූ අපේක්ෂකයෙකු 7 දා අලුයම මරණීය තර්ජන එල්ල කොට තිබේ.

දුරකතන ඇමතුමක් මගින් තමන්ට මරණීය තර්ජන එල්ල කළ බව පවසන දිලීපන් මේ පිළිබදව තමන් දන්නා ආරක්ෂක නිලධාරීන් කීප දෙනෙකුටම දැණුම් දුන් බවත් පසුව පොලීසියට හා මාධ්‍යයට මේ සම්බන්ධයෙන් දැණුම් දෙන බවත් කියා සිටියේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කුලසිංහම් මහතා මනාප 3203 ක් ලබා ගෙන මන්ත්‍රීධූරයකට පත්ව සිටින අතර ඊට ආසන්න මනාප සංඛ්‍යාවක් ලබාගෙන සිටි ස්වාධීන අපේක්ෂකයා 6 දා රාත්‍රියේ සිටම ඔහු සමග ආරවුලක් ඇති කරගෙන තිබුණි.

Exit mobile version