අලුත් පාර්ලිමේන්තුවට අමෙරිකාවෙන් සුබපැතුම්

ශ්‍රී ලංකාවේ මහ මැතිවරණය ප්‍රතිඵලවලට අනුව බිහිකෙරෙන අභිනව පාර්ලිමේන්තුවට අමෙරිකාව සුබපැතුම් එක්කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු තානාපති කාර්යාලය තවදුරටත් පවසා ඇත්තේ

COVID-19 වසංගතයෙන් එල්ල වූ අභියෝග තිබියදී පවා සාමකාමී සහ ක්‍රමවත් අන්දමින් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සුභපතන බවයි.


“තේරී පත්වූ සියලුදෙනාම එක්කරගනිමින් පිහිටුවන නව පාර්ලිමේන්තුව, මෙරට ආර්ථිකය යථාතත්ත්වයට ගෙන ඒමේ ක්‍රියාන්විතයක් ගොඩනැංවීම, මානව හිමිකම් හා නීතියේ ආධිපත්‍ය පවත්වාගෙන යාම සහ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම සඳහා වන කැපවීම රජය විසින් අළුත් කරනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවයි,” යනුවෙන්ද ඔවුන් පවසා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජය සහ නව පාර්ලිමේන්තුව සමගින් හවුල් වී සහයෝගයෙන් යුතුව කටයුතු කිරීමට ද බලාපොරොත්තු වන බව අමෙරිකාව නිවේදනය කර තිබේ.

Exit mobile version