සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලුත් නිවාස 55000ක් මේ වසර තුළ ඉදිවෙනවා… ඉතිහාසයේ වැඩිම නිවාස ඉදිවන වසර මේ වසරයි… ජනපති කියයි!

by editor
ජනවාරි 9, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මෙම 2026 වසර ලංකා ඉතිහාසයේ රාජ්‍ය අනුග්‍රහයෙන් වැඩිම නිවාස ප්‍රමාණයක් ඉදි කෙරෙන වසර බවට පත්වනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක   පැවසීය.

ව්‍යසනයෙන් පසු ආසන්න වශයෙන් නව නිවාස 20,000- 25,000ක් අතර ප්‍රමාණයක් ඉදි කර දීමට සිදු වන බවත්, නිවාස සංවර්ධන අධිකාරිය යටතේ මීට පෙර සැලසුම් කර තිබු නිවාස 31,000 සමඟ නව නිවාස 50,000- 55,000ක් අතර ප්‍රමාණයක් මේ වසරේදී ඉදිවනු ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක  මේ බව සඳහන් කළේ ‘Rebuilding Sri Lanka’ යටතේ ආපදාවෙන් පූර්ණ හානි සිදු වූ නිවාස සඳහා වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිකර දීමේ PROJECT 5M වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට අද (09) පෙරවරුවේ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මල්බෙලිගල වසමේ, අලුබද්ද ගම්මානයේදී එක් වෙමිනි.

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වී පුද්ගලයන්ට නිවාස ඉදිකර දීමේ වැඩසටහනේ පළමු අදියර යටතේ ආපදාවෙන් පූර්ණ ලෙස නිවාස අහිමි වූ නැවත එම ස්ථානයේම නිවාස ඉදිකළ හැකි පවුල් වෙනුවෙන් නිවාස ඉදිකර දීම සිදු කෙරෙන අතර,  ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව, පලාගල, පලුගස්වැව, ඉපලෝගම, තිරප්පනේ, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ව්‍යසනයෙන් පූර්ණ හානි සිදු වූ එම ස්ථානයේම නිවස ඉදිකරගත හැකි බවට තත්ත්ව සහතික ලද නිවාස 26ක් වෙනුවෙන් වන්දි ප්‍රදානය සහ නව නිවසක වැඩ ආරම්භ කිරීම මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

ලංකා ඉතිහාසයේ කිසිදු අවස්ථාවක මෙවැනි විශාල වන්දි ලබා දෙමින් ජනතාව බලා ගැනීමට පාලකයන් මැදිහත් නොවු බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා වත්මන් රජය ජනතාව බලාගත යුතු බවට තීන්දු කළ රජයක් බවත් ව්‍යසනයට මුහුණ දුන් ජනතාවට තිබුණාට වඩා උසස් ජීවන තත්ත්වයක් ගොඩනඟා දීමට නියත වශයෙන්ම කටයුතු කරන බවත් අවධාරණය කළේය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

එසේම ජනතාවට හොඳ ජීවන තත්ත්වක් ලබා දීමට නම් හොඳ ආදායමක්, දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, නිරෝගී සම්පන්න ජීවිතයක් සහ හොඳ නිවසක් මෙන්ම මානසික සුවය අවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම කරුණු 05 ඉටු කරදීම වෙනුවෙන් රජය කැපවී කටයුතු කරන බවද අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක  වැඩිදුරටත් මෙසේද පැවසීය,

මීට වසර 03කට පමණ පෙර ඉතා විනාශකාරී ආර්ථිකයක අත්දැකීම්වලට අපිට මුහුණ දීමට සිදු වුණා. ඉන්ධන, ගෑස් නැතිව රටම විශාල ආර්ථික කඩා වැටීමකට ලක් වුණා. අපි කවුරුත් දන්නවා ඒ ආර්ථික කඩා වැටීම සිදු වුණේ ස්වභාවික ව්‍යසනයක් නිසා නොවෙයි. අපේ රට දීර්ඝකාලයක් පාලනය කළ පාලකයන් විසින් අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්ති සහ රටේ මහජනයාගේ ධනය ඉතා කුඩා කණ්ඩායමක් අතර කේන්ද්‍රගත කර ගැනීම ඊට හේතු වුණා.

භාණ්ඩාගාරය විශාල මුදල් ප්‍රමාණයක් එක්රැස් කළත් ඉතා අතළොස්සක් අතර පමණයි ඒ මුදල් සංකේන්ද්‍රනය වුණේ. රටේ ආර්ථිකය කඩා වැටුණේ එවැනි හේතු නිසයි. ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනතාව පාරට බැහැලා මහා විරාජමානව වැජඹුණු නායකයන් පලවා හැරියේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.

අපි එකතුවෙලා ආණ්ඩුවක් හදා ගැනීමෙන් පසු අපේ පළමු අභියෝගය බවට පත් වුණේ බිඳ වැටෙමින් තිබු රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමයි. අපි සැලකිය යුතු ප්‍රමාණයකින් ඒ සඳහා සමත් වී තිබෙනවා. අපේ දෙමාපියන් මුහුණ දුන් අත්දැකීම්වලට, අපේ දරුවන් මුහුණ නොදෙන රටක් අපි ගොඩනැගිය යුතුයි. ඔවුන් විඳි  දුක් වේදනා අපේ දරුවන්ට හිමි වීමට ඉඩ දෙන්න බැහැ. ඒ නිසා මේ අවස්ථාවේ අපේ වගකීම වන්නේ අපේ දරුවන්ට හොඳින් ජීවත්විය හැකි රටක් නිර්මාණය කිරීමයි.

රටක බොහෝ දේ රඳා පවතින්නේ ඒ රටේ ආර්ථිකය කොපමණ ප්‍රමාණයකින් ශක්තිමත්ද යන සාධකය මතයි. රටක් ආර්ථික වශයෙන් ශක්තිමත් නම් ඒ රටේ බොහෝ දේ හොඳ වෙනවා. රටක් ආර්ථික වශයෙන් කඩා වැටිලා නම් අපරාධ, වංචා දූෂණ වැඩි වෙනවා, නීතියේ ආධිපත්‍යය කඩා වැටෙනවා. ඒ නිසා වැදගත්ම දේ ආර්ථිකය ශක්තිමත්ව ගොඩනැගීමයි. ඒ නිසා අපි ක්‍රමානුකූලව අපේ රටේ ආර්ථිකය ශක්තිමත්ව ගොඩනඟමින් සිටියා.

2025 වසර ගත්විට ලංකාවේ ආර්ථික සාධකවල හැම එකකින්ම වැඩිම අගය එකතු කළ වසර බවට පත් වෙනවා. වැඩිම් රාජ්‍ය ආදායම් ඉපැයීම, 1977න් පසුව අඩුම අයවැය පරතරය, වැඩිම අපනයන ආදායම් ඉපැයු වසර සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් වැඩිම මුදල් ලැබුණු වසර සහ වැඩිම සංචාරයකයන් ප්‍රමාණයක් මෙරටට පැමිණි වසර බවට පත් වෙනවා.

එලෙස ආර්ථිකය ගොඩනඟමින් සිටින අවස්ථාවක තමයි අපිට මේ ස්වභාවික ව්‍යසනයට මුහුණ දීමට සිදු වුණේ. ස්වභාවික ව්‍යාසන අපිට සම්පූර්ණයෙන් පාලනය කරන්න බැහැ. හැබැයි ස්වභාවික ව්‍යසනවලට ඔරොත්තු දිය හැකි ආර්ථිකයක් අපි සකස් කර තබා ගත යුතුයි. කෙසේ වුවත් මෙම අභියෝගයට මුහුණදිමට සිදු වූයේ අපේ ආර්ථිකය යළි නැගිටිමින් සිටි අවස්ථාවකයි. දැනටමත් ලෝක බැංකුව මගින් සිදු කළ සමීක්ෂණයකදී යටිතල පහසුකම්වලට අදාළ පාඩුව ඩොලර් බිලියන 4.1ක් බව පෙන්වා දී තිබෙනවා.

ඒ නිසා නැඟිටිමින් සිටි ආර්ථිකයකට මෙය මරු පහරක්. හැබැයි එසේ වුවා කියා එම ව්‍යසනයට මුහුණ දුන් ජනතාව අත් හැරීමට ආණ්ඩුවට අයිතියක් නැහැ. ඔවුන්ට බලාගෙන ඉන්න කියන්න බැහැ. ඒ නිසා අපි ආණ්ඩුවක් ලෙස ලංකා ඉතිහාසයේ පළමු වතාවට ව්‍යසනයට මුහුණ දීමට සිදුවු ක්ෂේත්‍ර නැවත නගා සිටුවීම වෙනුවෙන් විශාල යෝජනා ක්‍රමයක් ඉදිරිපත් කළා. මෙම 2026 වසරේදී පමණක් එම ව්‍යසනයෙන් නැගී සිටීමට රුපියල් කෝටි 50,000ක් වෙන් කර තිබෙනවා. 2025 දෙසැම්බර් මාසය සඳහා රුපියල් කෝටි 7,200ක් වෙන් කළා.

අපි ජනතාව බලා ගත යුතුයි. ඒ වගේම ආර්ථිකය නැවත ගොඩනැඟිය යුතුයි. වගා හානි සඳහා අපි වන්දි ගෙවනවා. කවදාවත් හිමි නොවු වන්දි මුදලක් අපි ගොවි ජනතාව වෙනුවෙන් ලබා දෙනවා. සත්ව පාලනයේ, විවිධ කර්මාන්තවල යෙදුණු අයට අපි එම සහන ලබා දෙනවා. අපි තවත් හඳුනාගත් ක්ෂේත්‍රවල දත්ත එක්රැස් කරමින් සිටිනවා. අපි ආණ්ඩුවක් ලෙස ජනතාව බලාගත යුතු බවට තීන්දුවක් ගත් ආණ්ඩුවක්. ලංකා ඉතිහාසයේ කිසි දිනක මෙවැනි විශාල වන්දි ප්‍රදානයන් සිදු කරමින් ජනතාව බලා ගැනීමට පාලකයන් මැදිහත් වුණේ නැහැ. අපි එය සිදු කරමින් සිටිනවා.

ඉතිහාසයේ වැඩිම නිවාස හදන වර්ෂය

එහිදී අපි නිවාස ගැටලුව පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. නිවාස 6000කට පමණ සම්පූර්ණ හානි සිදු වී ඇති බවට දැනට වාර්තා වී තිබෙනවා. ඒ වගේම හානි නොවුණත් ඒ ප්‍රදේශවලට යාමට සුදුසු නැති නිවාස 17,000-18,000ක් පමණ වාර්තා වෙනවා. ඒ නිසා ආසන්න වශයෙන් ගත් විට අලුතින් නිවාස 20,000- 25,000ක් අතර ප්‍රමාණයක් ඉදිකර දීමට සිදු වෙනවා.

එපමණක් නොවෙයි අපි 2026 අයවැය ලේඛනයෙන් තවත් නිවාස 31,000ක් ඉදි කිරීමට මුදල් වෙන් කර තිබෙනවා. නිවාස ඉදිකර ගත නොහැකි ජනතාව වෙනුවෙන් නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිය යටතේ නිවාස 10,000ක් හදන්න සැලසුම් සකස් කර තිබෙනවා.

ඒ වගේම 2009 යුද්ධය අවසන් වුණාට තවමත් අවතැන් කඳවුරුවල ජීවත්වන පිරිසක් සිටිනවා. වසර 16ක් පුරා එම ජනතාව නිවසක් නැතිව ජීවත් වෙනවා. අපි එම ජනතාව වෙනුවෙන් නිවාස 2,500ක් හදන්න ලක්ෂ 20 ගානේ මුදල් වෙන් කර තිබෙනවා.

ඒ වගේම වතුකරයේ ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකර දීමට ඉන්දියානු ආධාර යටතේ, රජය මැදිහත්වී කටයුතු කරමින් සිටිනවා. ඒ අන්දමින් නිවාස 31,000ක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන අවස්ථාවක තමයි මෙම ව්‍යසනය හමුවේ තවත් නිවාස 20,000- 25,000ක් ඉදි කිරීමට සිදුවී තිබෙන්නේ.

අපි එහිදී කටයුතු කරන්නේ එම ජනතාවට සිටියාට වඩා හොඳ ජීවිතයක් උරුම වන අයුරින් නිවසක් ඉදි කර දීමටයි. ඒ සඳහා මෙම මුදල් ප්‍රදානය සිදු කරනවා. ඒ නිසා ඉක්මණින් නිවස ඉදිකර ගැනීමට කටයුතු කරන ලෙස අපි එම ජනතාවගෙන් ඉල්ලනවා.

අපිට මූලික අවශ්‍යතාවයන් කිහිපයක් තිබෙනවා. අපිට හොඳ ආදායමක් අවශ්‍යයි. එසේම දරුවන්ට හොද අධ්‍යාපනයක්, නිරෝගී සම්පන්න ජීවිතයක්, හොද නිවසක් සහ මානසික සුවයක් අවශ්‍යයි. අවම වශයෙන් මේ කරුණු 05වත් ඉටු නොවුණහොත් අපි මිනිසුන් ලෙස ජීවත් වන්නේ නැහැ. ඒ නිසා අපේ ආණ්ඩුවේ මුලික අභිප්‍රාය වන්නේ මේ කාර්යයන් ඉටු කර දීමයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරන වැඩපිළිවෙළ දිගටම –

දීර්ඝ කාලයක් අපේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමය පිළිබඳ අපි කවුරුත් සෑහීමකට පත් වන්නේ නැහැ. මෙය දෙමව්පියන්ට බරක් සහ දරුවන්ට දුකක් වූ අධ්‍යාපන ක්‍රමයක්. අධ්‍යාපන ක්‍රමය සාර්ථකයි නම් අපිට මීට වඩා හොද ප්‍රතිඵල ලැබෙන්න තිබුණා. අධ්‍යාපනඥයන් විසින් කාලාන්තරයක් තිස්සේ මේ අධ්‍යාපන ක්‍රමයේ නව වෙනසක් පිළිබඳ සාකච්ඡා කළා. අපි ඒ අලුත් වෙනසට අත තබා තිබෙනවා.

හැබැයි ඊට විවිධ අවලාද, අසත්‍ය පතුරවමින් කිසිදු පදනමක් නැති කරුණු කියන්න පටන්ගෙන තිබෙනවා. අපේ අභිප්‍රාය වන්නේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමයි. ඒ වගේම දුප්පත්කමේ විෂම චක්‍රයෙන් ගොඩ ඒමට තිබෙන මාවත දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමයි.

ඒ නිසා ජාත්‍යන්තරව පිළිගත් ගුණාත්මක හොඳ අධ්‍යාපනයක් අපේ දරුවන්ට ලබා දිය යුතුයි. කවුරු මොන විදියට එම වෙනස්කම් හැකිළීමට උත්සාහ ගත්තද අපි ඒ වෙනස්කම් ඇති කරනවා.

අපි අද මෙම නිවාස වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. අපි නිවාස 31,000ක් ඉදිකිරීමට සැලසුම් කර තිබුණා, මේ නිවාස ඉදිකිරීමත් සමග එම ප්‍රමාණය 50,000 – 55,000ක් බවට පත් වෙයි. ඒ අනුව ලංකා ඉතිහාසයේ රජයේ අනුග්‍රහයෙන් එක් වසරක් තුළ ඉදිකළ වැඩිම නිවාස ප්‍රමාණය බවට පත් වෙනවා. අපේ රටේ පුරවැසියන්ට හොඳ නිවසක් ලබා දීම අපේ අපේක්ෂාවයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජොනී, පුතුන් දෙදෙනා ඇතුළු පස් දෙනා තවදුරටත් රිමාන්ඩ්…

Next Post

පීඩන අවපාතය අද නොවේ හෙට….

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.