අලුත් දේශපාලනයකට මංගල චන්ද්‍රිකා හොරගොල්ලේ දී හමුවේ…

මන්ත්‍රී දේශපාලනයෙන් සමුගත් හිටපු මුදල් ඇමති මංගල සමරවීර හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග අද උදේ වරුවේ දීර්ඝ සාකච්ඡා වටයක් හොරගොල්ල වලව්වේ දී පවත්වා තිබේ.

පොදු ජන සමාජ ව්‍යාපාරයක් ගොඩ නැගීම සඳහා වූ අදහස ක්‍රියාවට නන්වන ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මංගල සමරවීම සම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත් වෙමින් කියා සිටියේ තමන් දේශපාලනයෙන් සමු නොගන්නා බවත් මානව ප්‍රේමී පුලුල් දැක්මක් සහිත නව දේශපාලන රටාවක් හරහා දේශපාලනය කරන බවත්ය.


Exit mobile version