අලුත් ආණ්ඩුව පිහිටුවීම බාරගන්නවා… සජිත් අද ජනපතිට ලිඛිතව දන්වයි!

නව ආර්ථික වැඩපිළිවෙළක්  යටතේ ආණ්ඩුවක් පිහිටුවීමේ වගකීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් භාරගෙන තිබේ.

නව ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධව සමගි ජන බලවේගයේ  ස්ථාවරය අද (08)  ජනාධිපතිවරයා වෙත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ලිඛිතව දැනුම් දීමට නියමිතය.

ආණ්ඩුව භාරගන්නා ලෙස ජනාධිපතිවරයා විසින්  විපක්ෂ නායකවරයාට ඊයේ  (08)   කරන ලද ආරාධනයට පිළිතුරක් ලෙස  විපක්ෂ නායකවරයා  මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කරනු  ඇත.

ඒ අනුව නීතිඥ  සංගමය විසින් ඉදිරිපත් කරන යෝජනාවලිය පදනම් කරගත් වැඩපිළිවෙළක් ඔස්සේ  රටේ උද්ගතව ඇති අර්බුදය විසඳීම සඳහා නව ආණ්ඩුවක් පිහිටුවීමටත්  නව ආර්ථික වැඩපිළිවෙළක් ඔස්සේ  රට ගොඩනැන්වීමටත්  විපක්ෂ නායකවරයා විසින් එකඟතාව පලකරන බව විපක්ෂයේ ආරංචි මාර්ග තහවුරු කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය බලාත්මක කිරීම, ඉන් අනතුරුව ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ඇතුළු කරුණු  ගණනක් සහිත ව්‍යවස්ථා සංශෝධනයක් ද මෙම වැඩපිළිවෙළ තුළ  පවතී.


Exit mobile version